සිරි ධිති මති තේජෝ – ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
ජයසිද්ධි මහිද්ධි මහා ගුණං – ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,
අපරිමිත පුඥඤාධිකාරස්ස – අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස – සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස – ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,
ද්වත්තිංස මහාපුරිසලක්ඛණානු භාවේන – දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේන – අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,
අට්ටුත්තරසතමංගලලක්ඛණානුභාවේන – එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
ඡබ්බණ්ණරන්ස්‍යානුභාවේන – සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
කේතුමාලානුභාවේන – කේතුමාලාවේ අනුහසින් ද,
දස පාරමිතානු භාවේන – දස පාරමිතා අනුහසින් ද,
දස උප පාරමිතානු භාවේන – දස උපපාරමිතා අනුහසින් ද,
දස පරමත්ථ පාරමිතානු භාවේන – දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
සීලසමාධිපඤ්ඤානුභාවේන – සිලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,
බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
තේජානු භාවේන – තේජස්වල අනුහසින් ද,
ඉද්ධ්‍යානු භාවේන – ඉර්ධියේ ආනුභාවයෙන් ද,
බලානුභාවේන – බලයන්ගේ ආනුභාවයෙන් ද ,
ඤෙය්‍යධම්මානුභාවේන – දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
නවලොකුත්තරම්මානු භාවේන – නව ලොව්තුරු දහමේ අනුහසින් ද,
අට්ටංගිකමග්ගානුභාවේන – ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
අට්ඨසමාපත්‍යානුභාවේන – අට සමවත් අනුහසින් ද,
ඡළභිඤ්ඤානුභාවේන – ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
මෙත්තා කරැණා උපේක්ඛානුභාවේන – මෙත්තා කරැණා උපේෂාවන්ගේ ආනුභාවයෙන් ද,
සබ්බපාරමිතානුභාවේන – සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,
රතනත්තයසරණානුභාවේන – තෙරුවන් සරණේ අනුහසින් ද,
තුය්හං සබ්බරෝග – ඔබගේ සියළු රෝග ද,
සෝක උපද්දවා – ශෝකයන් ද උපද්‍රවයන් ද,
දුක්ඛදොමනස්සුපායාසා – සියළු දුක්දොම්නස් ද,
විනස්සන්තු – දුරුවේවා.
සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු – ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.
දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදා – දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
ආකාස පබ්බත වනභූමි තටාක – අහස පර්වත වන භූමි තටාකයන්ද,
ගංගා මහාසමුද්ද – ගංගා හා මහා සමුද්‍රයට ද,
ආරක්ඛක දේවතා – අධිගෘහිත වූ සියළු දෙවියෝ,
සදා තුම්හේ අනුරක්ඛන්තු – සදාකල්හිම ඔබ රැක දේවා,
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානුභාවේන – සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
පිටකත්තයානුභාවේන – තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
ජිනසාවකානුභාවේන – බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු – ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා – අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,
දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා – සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ – ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ
ඔබ සීලයේ පිහිටා පිරිත් කියන්න.. අහන්න.. තේරුම දැන ගන්න.. ඔබට සෙත සැලසේවි
තෙරුවන් සරණයි