සිංහයන් කිලිනොචිචියේ – ජයවේවා !

January 3, 2009

ප්‍රභාකරන් ගේ සිහින ඊලාමි රාජ්‍යයේ සිහින ‍බොදකර ලමින් අපේ වීරෝධාර රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන් ගේ ප්‍රධාන බල කොටුව වු කිලිනොචිචියේ බලය ඊයේ තහවුරු කර ගත් අවස්ථාවයි මේ.

මුලු ජාතියේම ආශිර්වාදය රණවිරුවන් වෙත පිදෙන මේ අවස්ථාවේ අපේ එකම පැතුම වන්නේ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් අපේ  රට ඉක්මනින්ම මුදාගැනීමට ශක්තිය ලැබේවා යන්නයි.

අපේ විරුවන්ට ජය වේවා !


හමුදාව කිලිනොච්චිය ජය ගනී

January 2, 2009

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඉතිහාසයේ දරුණුම පරාජය අත් කර දෙමින් කිලිනොච්චි නගරයේ බලය අත්පත් කර ගැනීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් අද (ජන 02) උදෑසන සමත් විය. ‍

යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් මෙම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය. සති ගණනාවක් පුරා පැවති දරුණු ගැටුම් වලින් අනතුරුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට යුද හමුදාව සමත් විය.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් දියත් කළ 57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුල් වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් කිලිනොච්චි නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුල් විය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ඊලාම් සිහිනයේ ප්‍රධානතම බලකොටුව ලෙස සැලකූ කිලිනොච්චිය නගරය ත්‍රස්තවාදීන්ට අහිමි වීම ඔවුන් ලද විශාල පරාජයකි. කොටි ත්‍රස්තවාදීන් තම ප්‍රධානතම පරිපාලන නගරය ලෙස සලකනු ලැබුවේ ද කිලිනොච්චි නගරයයි.

මහා ආරක්ෂක පස් බැමි නිර්මාණය කර කිලිනොච්චිය ආරක්ෂා කර ගැනීමට කොටි ත්‍රස්තවාදීන් දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් සමත් විය. කිලිනොච්චි මුදා ගැනීමේ මෙහෙයුමේ දී එල්ල කළ හමුදා ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.


ලැබුවා වූ 2009 නව වසර සුභ නව වසරක් වේවා !

December 31, 2008

ලැබුවා වූ 2009 නව වසර සියලු පැතුමි ඉටු වෙන්නා වූ  සුභ නව වසරක් වේවා !


ශ්‍රී ලංකාවේ මිල අඩුම ජංගම දුරකථන සේවා.

December 27, 2008

භාන්ඩ හා සේවා දිනෙන් දින ඉහල යන යුගයක අප රටේ ජංගම දුරකථන සේවා වල මිල දිනෙන් දින පහල යමින් පවතී. මා ප‍සුගිය දා කියවූ සගරාවක සදහන් වූයේ කලාපයේ විදුලි සංදේශ කටයුතු ආයතනයක් වන ලර්න් ඒෂියා ආයතනය විසින් මෙම වසරේ කල සමීක්ෂණ දෙකකින් හෙලිවී ඇත්තේ දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් 4 අතුරින් දිලිදු ‍ජනතාවට වඩාත් පහසුවෙන්ම ජංගම දුරකථන සේවා ලබා ගත හැක්කේ ලංකාවේ බවයි. ඒ කියන්නේ ජංගම දුරකථන සේවා සදහා වැය වන ගාස්තුව අනෙක් රටවල් 4ට සාපේක්ෂව ලංකාවේ අඩු බවයි.

එමෙන්ම නොකියා ජංගම දුරකථන ස‍මාගමද ලංකාවේ කල සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අවම පිරිවැයකින් ජංගම දුරකථනයක් හා සේවාවක් වෙත ලගාවීම සදහා Total Cost of Ownership අගය සාමාන්‍ය ඇමරිකානු ඩොලර් 13.16 ක් වු අතර ශ්‍රී ලංකාවේ දී මෙම අගය ඩොලර් 5කට අඩු බව එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුරකථන සමාගමි ගැන සලකා බැලීමේදී ඩයලොග් වැඩිම පාරිභෝගිකයන් පිරිසක් ඇති දුරකථන සේවා සමාගම වුවද මිල ගණන් අඩු ආකර්ෂණීය පැකේජයන් ලබා දෙන්නේ මොබිටෙල් ය. මොබිටෙල් පාරිභෝගික සේවාවේ සහ සමහර වේලාවන් ‍වලදී දුරකථන ජාලය කාර්ය බහුල වීමේ මෙන්ම ආවරණ කලාප හා ආදිය සැසදීමේදී ඩයලොග් ඉදිරියෙන් සිටී. එහෙත් සමහර ග්‍රාමීය ප්‍රදේශ වලදී ඩයලොග් වල සිග්නල් නැතිවන අතර මොබිටෙල් හොදට වැඩ කරයි. මම මොබිටෙල් පැකේජයක් මෙන්ම ඩයලොග් පැකේජයක් ද භාවිතා කරන නිසා මේ ගැන හොදාකාරව දනී . එමෙන් ම මෙ‍ාබිටෙල් GPRS හා 3G ගාස්තු අඩු වීමද යන කරුනු ද නිසා මොබිටෙල් පැකේජයන් ඉතා වාසිදායකය.


කිලිනොචිචිය බලා ඇදෙන අපේ රණවිරුවෝ…

December 22, 2008

ලොවේ දරුණුම ත්‍රස්තවාදී න් සමග සටන් කර ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන අපේ ව්රුවන් සොබාදහමේ

බාධකද මැ‍ඩගෙන සතුරු බලකොටු ජයගෙන ත්‍රස්තවාදින් ගේ පුධාන මුලස්ථානය වන කිලිකනොචිචිය

බලා එඩිතරව පෙරට ඇදෙන අයුරු.

අපේ ‍විරුවන්‍ට ජය වේවා !


කෙලෙස් සැඩ පහරින් මිදෙන්නට ………….

December 22, 2008


දුක කියන්නේ මොකක්ද?

December 18, 2008


දුක කියන්නේ මොකක්ද?
එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලයි.
එනමි.
1. රූප උපාදානස්කන්ධය.
2. වේදනා උපාදානස්කන්ධය.
3. සඤ්ඤා උපාදානස්කන්ධය.
4. සංස්කාර උපාදානස්කන්ධය.
5. විඤ්ඤාණ උපාදානස්කන්ධ ය.

දුකට හේතුව මොකක්ද?
පුනර්භවය ඇතිකර දෙන. ආශ්වාදයෙන් ඇලෙනනා වු. එ එ තැන දී සතුටින්
පිලිගන්නා වු යම් තන්හාවක් ඇත්ද එයයි.
ඒ කියන්නේ
කාම තණ්හාව. භව තන්හාව හා විභව තණ්‍හාවයි.

දුකෙන් මිදීම කියන්නේ මොකක්ද?
ත්‍රිවිධ තන්හාවේම යමක් ඉතිරි නැතිව මිදීමක් ඇත්ද.
බැහැර කිරීමක් ඇත්ද. එයින් නිදහස් වීමක් ඇත්ද. ආලය රහිත වීමක් ඇත්ද.
මෙයට තම‍යි දු‍කෙන් මිදීම කියල කියන්නේ.

දුකෙන් මිදීම පිණිස පවතින මාර්ගය මොකක්ද?
එය නමි අ‍ාර්ය අෂ්ඨාංගික ම‍ාර්ගයයි.
ඒ කියන්නේ
1. සමිමාදිටිඨි.
2. සමිමාසංකප්ප.
3. සමිමාවාචා.
4. සමිමාකමිමන්ත.
5. සමිමාආජීව.
6. සමිමාවායාම.
7. සමිමාසති.
8. සමිමාසමාධි.
යන මේවා තමයි දුකෙන් නිදහස් වීම පිණිස පවතින එකම මාර්ගය.


අපේ විරුවෝ

December 18, 2008


ඉන්ටෙල් සමාගමේ නවතම කෝර් අයි සෙවන් ප්‍රොසෙසරය

December 17, 2008

ඉන්ටෙල් සමාගමේ නවතම කෝර් අයි සෙවන් ප්‍රොසෙසරය

intel Core i7

Intel Core i7

ට්‍රාන්සිස්ටර් පරිපථ හත් කෝටි තිස් එක් ලක්ෂය (එ කියන්නේ මිලියන 731) බැගින් වු චිප් කිහිපයක් එක් කොට තනා ඇති නිසා මෙය මල්ටිකෝර් ප්‍රොසෙසරයකි. කෝර් අයි සෙවන් ප්‍රොසෙසර‍ෙය් චිප් හතරක් එක් කොට තිබෙන නිස‍ා මෙය ක්වඩි කෝර් වේ. මෙය නැනෝමීටර් 45 තාක්ෂණය අනුව තැනුවකි. එ කියන්නෙ මේ ප්‍රොසෙසර් එකේ තියෙන එක් ට්‍රාන්සිස්ටරයක පළල න‍ැනෝමීටර් 45 යි.

කෝර් අයි සෙවන් ප්‍රොසෙසරය වේගවත් කිරීම සදහා ඉන්ටෙල් සමාගම පරිපථ කොටස් නිෂ්පාදනය කිරීමේදී අලුත් තාක්ෂණ කීපයක් භාවිතා කරයි.

  • හයිපර් ත්රේඩින් තාක්ෂණය – මෙම තාක්ෂණය නිසා ප්‍රොසෙසරය මෙහෙයුමි පද්ධතියක් සමග තොරතුරු හුවමාරු කර ගන්නා විට එහි ඇති සෑම පරිපථයක්ම එක‍ා මෙන් ඒ සදහා යෙදවේ.
  • ඩයිනමික් ස්පීඩි ත‍ාක්ෂණය – මෙම තාක්ෂණය නිසා ප්‍රොසෙසරයක් සමග හුවමාරැ කරන තොරතුරැ ඒකාකාරව ප්‍රොසෙසරය පුරා විහිදෙයි. එබැවින් ඉක්මනින් තොරතුරැ සැකසී වේගය වැඩිවේග

මීට අමතර වශයෙන් මෙම ප්‍රොසෙසරය තුල ග්‍රැෆික් ප්‍රොසෙ‍සරයක් (IGP – Integrated Graphic Processor) තිබෙන අතර DDR3 සහ SDRAM යන රැමි කාඩි වර්ග සමග හොදින් තොරතුරැ හුවමාරැ කළ හැකි මාර්ග තුනක් සහ මෙමරි කන්ට්‍රෝලරයක්ද සමගින් දැන‍ට ලොව වේගවත්ම ප්‍රොසෙසරය බව‍ට පත්ව ඇත.


අ‍ායුඛේවන්‍

August 11, 2008
D.M. ISITHA ERANGA DISSANAYAKA