පින්තූරය

දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඹෟෂධය

diyawadiyawa

Advertisements

සතුට පිළිබඳ අලුත්ම මතය

දිවයින පුවත්පතේ 2012/05/20 දින පළවූ ලිපියකි.

සතුට පිළිබඳ අලුත්ම මතය

සතුට පිළිබඳව විද්‍යාඥයන්ගේ නවතම සොයා ගැනීම් පිළිබඳව කතා බහ කිරීමට හොඳම කාලය දැන් තමයි. අපි කියන විදිහට සතුට ඇතිවන්නේ අපේ හිතේ. අපි සිත කියල සරලව කිව්වට විද්‍යාත්මකව එය හඳුන්වන්නේ ස්‌නායු පද්ධතිය කියලා. මොළය එහෙම නැත්නම් මස්‌තිෂ්කය කියන්නේ ස්‌නායු පද්ධතියේ ප්‍රධානම කොටස. මේ කතා බහට හවුල්කර ගත යුතු තවත් පද්ධතියක්‌ තිබෙනවා. ඒ තමයි දේහ ආරක්‍ෂක පද්ධතිය හෙවත් ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය.

අපේ ආරක්‍ෂක හමුදාවේ වගකීම තමයි සතුරන්ගෙන් රට ආරක්‍ෂා කර ගැනීම. වර්තමානයේදී අපේ ආරක්‍ෂක හමුදාව බොහොම ශක්‌තිමත් සහ නිරන්තරව විමසිලිමත්. ඒකට හේතුව තමයි සතුරන්ට මුහුණදීලා ලබාගත්තු පන්නරය.දේහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියත් අපේ ආරක්‍ෂක හමුදාවට සමානයි. විසබීජ එහෙමත් නැත්නම් බාහිරින් ඇතුළු වෙන ආගන්තුක අංශු තමයි දේහයේ සතුරෝ. වසංගත රෝග කාරක ලෙස හඳුන්වන්නේ වෛරස්‌ බැක්‌ටීරියා, දිලීර වැනි අංශු වලට.

අපේ දේහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වෛරස්‌ බැක්‌ටීරියා වැනි ව්‍යාධිජනක අංශු විනාශ කර දැමීම සඳහා ප්‍රොටීන අංශු නිෂ්පාදනය කරනවා. ප්‍රතිදේහ කියලා හඳුන්වන්නේ මෙම ප්‍රොaටීන අංශු.මෙම කතා බහ ඉදිරියට ගෙන යැමේදී මට සිදු වී තිබෙන්නේ එක්‌ මොහොතකදී ඔබගේ අවධානය, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය වෙතත් තවත් සුළු මොහොතකදී ස්‌නායු පද්ධතිය වෙතත් රැගෙන යැමටයි.සනීපාරක්‍ෂාව යනු විසබීජ වලින් හැකි පමණ ඈත් වී සිටීමයි. එනම් අපිරිසිදු පරිසරයෙන් හැකි පමණ ඈත් වී සිටීමයි.සනීපාරක්‍ෂාවට ඉහළම ප්‍රමුඛතාව දෙනු ලබන්නේ බටහිර ජාතිකයන්ය. මුල් ළමාවිය විසබීජවලින් හැකි පමණ ඈත්කර තැබීමට ඔවුන් වග බලා ගනී.ලෝකයේ ජීවත්වන සෙසු ජාතීන් සනීපාරක්‍ෂාව යන සංකල්පය මහා ඉහළින් පිළිනොගනී. ළමාවියේදී ඔවුන් බොහෝවිට වසංගත රෝගයන්ට ගොදුරු වේ.

සනීපාරක්‍ෂාව පිළිබඳ මහා ඉහළින් සැලකිලිමත් වන බටහිර ජාතීන් ජීවිතයේ පසුකාලීනව මානසික අවපීඩනයෙන් හෙවත් අසතුටෙන් ජීවත්වීමේ රෝගයට ගොදුරු වන බව අධ්‍යයන මගින් හෙළිදරව් කර ඇත.සනීපාරක්‍ෂාවට එතරම් වැදගත්කමක්‌ නොදෙන සෙසු ජාතීන් වඩාත් සතුටින් ජීවත්වේ.මා ලිපිය ආරම්භයේදී සඳහන් කළේ සතුට ඇතිවන්නේ හිතේ බවයි.සතුට යනු සහනය සැහැල්ලු බව විශ්වාසය වැනි හැඟීම් වල එකතුවකි. අප තුළ මෙම හැඟීම් ඇති කරන්නේ සෙරටෝනීනි නම් රසායනයයි. සෙරටෝනීනි යනු මොළය මගින් ස්‍රාවය කරන ස්‌නායු සම්ප්‍රේශකයකි.

සෙරටොනික්‌ ස්‍රාවය කිරීම හා සම්බන්ධව ක්‍රියාත්මක වන මොළයේ කොටසක්‌ පවතී. මෙම ප්‍රදේශය පුරෝලලාට භාහිකය ලෙස හඳුන්වයි.පුරෝලලාට භාහිකයේ සෙරටොනීන් ප්‍රතිග්‍රාහක ස්‌ථාන පවතී. සෙරටොනීන් ස්‍රාවය වන්නේ මෙම ප්‍රතිග්‍රාහක ස්‌ථාන උත්තේජනය වීම මගිනි.අපට සතුට දැනෙන්නේ සෙරටොනීන් නම් හෝමෝනය මගින් බව දැන් අපි දනිමු. දැන් අපි පැහැදිලි කරගත යුත්තේ සෙරටොනීන් ස්‍රාවය උත්තේජනය වන ආකාරයයි.මෙතෙක්‌ කල් විද්‍යාඥයන්ගේ මතය වුණේ ස්‌නායු පද්ධතිය සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ නැති ඉතා දුරස්‌ථ පද්ධතීන් දෙකක්‌ බවයි.

කෙසේ වුවද පර්යේෂකයන් දැන් ඔවුන්ගේ මතය වෙනස්‌ කර ඇත.ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය නිපදවන ප්‍රතිදේහ සහ ප්‍රතිශක්‌තිකරණ සෛල (T සෛල) වලට මොළයේ ආරක්‍ෂක පටල ඔස්‌සේ මොළය තුළට ගමන් කළ නොහැකි බව මෙතෙක්‌ පැවැති විශ්වාසයයි. එම මතය වැරදි බව පර්යේෂකයන් දැන් තහවුරු කරගෙන සිටිති.ප්‍රතිදේහ හෙවත් ප්‍රොaටීන අංශු මොළයේ ආරක්‍ෂක පටල ඔස්‌සේ ගමන් කර මොළය තුළටද ඇතුළු වේ.

මෙසේ මොළයේ අභ්‍යන්තරයට ගමන් කරන ප්‍රොaටීන අංශු මොළයේ විවිධ කලාප වල පවතින ප්‍රතිග්‍රාහක ස්‌ථාන හා සම්බන්ධ වී ඒවා උත්තේජනය කරයි. එවිට එම ප්‍රදේශයට අදාළ හෝමෝන ස්‍රාවය කරයි.වෙනත් රෝගී තත්ත්වයක්‌ පිළිබඳව පර්යේෂණ කළ පර්යේෂකයන් පිරිසක්‌ අහඹු සොයා ගැනීමක්‌ කළේය.කිසියම් බැක්‌ටීරියාවකට එරෙහිව නිපදවන ප්‍රතිදේහ (ප්‍රොaටීන) මොළයේ ආරක්‍ෂක පටල ඔස්‌සේ ගමන් කර සෙරටෝනීන් ප්‍රතිග්‍රාහක ස්‌ථානය උත්තේජනය කරන බව ඔවුහු සොයා ගත්හ.

තවදුරටත් සොයා බැලීමේදී පැහැදිලි වූයේ මෙම බැක්‌ටීරියාව මයිකෝබැක්‌ටීරියම් වැකේ බවයි.ඔබේ ශරීරය තුළට මයිකෝබැක්‌ටීරියම් වැකේ ඇතුළු වූවා යෑයි සිතන්න. එම විසබීජය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිදේහය ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය විසින් නිපදවයි. මෙම ප්‍රතිදේහ සමහරක්‌ මොළය තුළට ඇතුළු වී සෙරටෝනීන් ප්‍රතිග්‍රාහක ස්‌ථාන උත්තේජනය කරයි. එවිට සෙරටොනීන් ස්‍රාවය මේ ප්‍රතිඵලය ඔබේ සිතට සතුට ගලා ඒමයි.ශරීරයට ඇතුළු වූ විසබීජයට එරෙහිව දේහ ආරක්‍ෂක පද්ධතිය දැක්‌වූ ප්‍රතිචාරයේ අවසාන ප්‍රතිඵලය ඔබේ සිත සතුටට පත්වීමයි.

පිරිසිදුකම ගැන මහා ඉහළින් සිතන අයට සතුට ලබානොදී පිරිසිදුකම ගැන නොසිතන අයට සතුට ලබාදීම සොබා දහමේත් රහස දැන් ඔබ දනී.
සිංහල අලුත් අවුරුදු සමයේ සිතට සතුට ගෙනෙන බව මම මුලින් සඳහන් කළෙමි. එහි රහස සොයා ගැනීම සඳහා කවදා හෝ පර්යේෂණයක්‌ සිදුකිරීමේ ඉඩකඩද බැහැර කළ නොහැකිය. මෙම කාලයේදී මයිකෝබැක්‌ටීරියම් වැකේ බැක්‌ටීරියාව අපේ ශරීරයට වැඩිපුර ඇතුළු වන බව ඔවුන් ඔප්පු කළ හොත් ඔබ එය පිළිගැනීමට සූදානම්ද?

(Newsientist ඇසුරින්)

තිලක්‌ රණසිංහ

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…

ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද? අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු. ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…….

කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා.

ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා…….. ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ…….. ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.
දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ….. ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.

ඔබේ ප්‍රශ්න දෙමව්පියන් සමග ප්‍රකාශකරන්න.

කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.

එලිමහනට යන්න.

කාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5) නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.

ඔබේ පවුලේ සාමජිකයන් හා මිතුරන් අතර ගැවසෙන්න.

සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.

බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.

ඔබේ වටපිටාව සමග තව තවත් සබදතා ඇති කරගන්න.

ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක් (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.

ඔබ ඔබට කැමති දෙයක් කරන්න.

කඩේට යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world වැනි තැනක ගොස් විනෝද වන්න.

පිරිසිදුව නැවුම්ව සිටින්න.

මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.

නිසි පරිදි ආහාරගන්න

ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට හවුල් වන්න. ( අම්මාට හෝ ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.

සතුටින් සිටින්න.

ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතු‍ටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.

ජීවිතේ ගැන කනස්සලුවෙන්න එපා.