තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්…….//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ…….
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්……..

මායාවකි ප්‍රේමය මා  හදවත රිදවූ යේ…….
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ…….

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්…….

Advertisements

සදා කාලික නොවූ ලෝකයෙ සදා කාලීක ප්‍රේමයක් ……

සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා….
ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා…..

සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක් ……
සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම් බඳින්නෙ..

පද: ආනන්ද අමරසිරි
තනු: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

තරු මල් යායම පොඩි කර අහස් විලේ – ගුණදාස කපුගේ

තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දිය කර සාගර යේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැර දා ඈ ගිය දවසේ ….. //

දුක පැවසූවෙමි අසනා කෙනක් නැති
පාලු මැකූවෙමි තනියට කෙනෙක් නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම පොඩි කර අහස් විලේ …………………

නුවර උයන් මැද හමුවූ ලඳුන් ඇති
යටැසි බැලු නෙත් රහසින් කථා නැති
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි…..

තරු මල් යායම පොඩි කර අහස් විලේ ………………….

ගායනය – ගුණදාස කපුගේ ශූරීන්

ආදරෙයි මා ආදරෙයි දම්මි තවමත් ආදරෙයි – ගොලු හදවත

නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා …. //

පවුරු බැඳ ගෙන සිතක වැජඹුනු

රසවතී නෑ කොයි ගියා … //

ආදරෙයි මම ආදරෙයි … //

දම්මි තවමත් ආදරෙයි

මහා පියකරු සිහින සිතුවමි මතුකලා රසබර හැගුමි

දයා වන්තය යොවුන් සිතිව්ලි

රස කලා ඹබෙ නෙත් කැලුමි … //

ආදරෙයි මම ආදරෙයි … //

සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි

සුගත් තවමත් ආදරෙයි

අසිරිමත් ලෙස ඇදුනු දේදුණු කලු වලාවෙන් යට වුනා

මිහිරියාව්ය අනේ දවසක

ඹබේ හදවත ගොලු උනා … //

ආදරෙයි මම ආදරෙයි … //

දම්මි තවමත් ආදරෙයි

ආදරය එක අතක ප්‍රේමය තව අතක මා මැදි වුනා

සාගරය ඇයි වේදනාවක

අහෝ හිතවත තනිවුනා … //

ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි දම්මි තවමත් ආදරෙයි

ආදරෙයි .. ආදරෙයි… ආදරෙයි…. ආදරෙයි ….

 

 

 

 

ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී …


ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී……
හද සන්තක විය අනුහස් ආසිරි ගී…..
ඔබ හමු වුවා……
මුව ගොළු වුවා….

ගග අද්දර පෙම් කැදවුම් රස දැහැනේ…..
ඉහ ඉද්දර සිටි ප්රවර්ථනා සිහිනේ…..
පිබිදුනි ආසා…..
ගිනිසිළු සේමා…..

මල්සර දුනුවර ලමැද හොවාල
ඉරණම පහස නිවා……
සන්සුන් වූ තරමින් නොසෙලෙනවද
ආලේ බැදී රන්දම්……

ඔබ හා ආයේ ආලේ පෑහී…. තුෂාර සුසුම් හොවා….
චමත්කාරයේ රන් රේකා අප
සැලෙන හදින් දුටුවා……
ඔබ හමුවුවා….
මුව ගොළුවුවා…..

ගග අද්දරදී තෙපුල් පවන් අතරේ
වන පුෂ්පිත මුව සුපුන් සිනා විසිරේ
මා හද රහසේ…..
බැදුනා පහසේ….

ගග දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ……
ගග දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ…..
ඔබ රුව චායා…..
සැගවේ පායා….