චැනල් 4 වීඩියෝවට පිළිතුරු වීඩියෝ – Shadow of Terror Documentary video

ශ‍්‍රි ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි කියමින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය නිකුත් කළ නවතම වීඩියෝ දෙකට පිළිතුරු වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් වීඩියෝ දෙකක් අන්තර් ජාලයට එක්කර ඇත.

Shadow of Terror Documentary video part I

Shadow of Terror Documentary video part II

Advertisements

‘චැනල් 4’ වීඩියෝවට එරෙහි ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිළිතුරු වීඩියෝව

එංගලන්තයේ ‘චැනල් 4’ නාලිකා‍වේ වීඩියෝවට එරෙහි ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සකසා ඇති පිළිතුරු වීඩියෝව පහත දැක්වේ(‍කොටස් දෙකක් ඇත).  දැන් අපගේ මතකයෙන් වියැකී යන තිස් අවුරුදු යුද්ධයේ සිදුවූ සිද්ධීන් මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිලේච්ඡ ක‍්‍රියාකාරකම් මෙම පිළිතුරු වීඩියෝවෙන් ඉදිරිපත්කර තිබේ.  කෙටියෙන් ම කිවතොත් ‘චැනල් 4’ නාලිකා‍වට මෙම වීඩියෝව හොද  කනේ පහරක් දුන්නා වැනිය.

ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින්  ආරමීභ අපේ රට වෙනුවෙන් ආරමිභ කරන ලද මේ කාර්ය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක ලේකමි තුමා ඇතුළු සියලු දෙනාටම ශක්තිය ධෙර්්‍යය ලැබේවා !

කරුණාකර පහත දැක්වෙන වීඩියෝ දෙක ඹබට හැකි  පමණින් අන්තර්ජාලය හරහා බෙදාහරින්න.

වීඩියෝ 1

වීඩියෝ 2

කොළඹ හැටි අද මෙහෙමයි.

සිංහයන් කිලිනොචිචියේ – ජයවේවා !

ප්‍රභාකරන් ගේ සිහින ඊලාමි රාජ්‍යයේ සිහින ‍බොදකර ලමින් අපේ වීරෝධාර රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන් ගේ ප්‍රධාන බල කොටුව වු කිලිනොචිචියේ බලය ඊයේ තහවුරු කර ගත් අවස්ථාවයි මේ.

මුලු ජාතියේම ආශිර්වාදය රණවිරුවන් වෙත පිදෙන මේ අවස්ථාවේ අපේ එකම පැතුම වන්නේ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් අපේ  රට ඉක්මනින්ම මුදාගැනීමට ශක්තිය ලැබේවා යන්නයි.

අපේ විරුවන්ට ජය වේවා !

හමුදාව කිලිනොච්චිය ජය ගනී

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ඉතිහාසයේ දරුණුම පරාජය අත් කර දෙමින් කිලිනොච්චි නගරයේ බලය අත්පත් කර ගැනීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් අද (ජන 02) උදෑසන සමත් විය. ‍

යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් මෙම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය. සති ගණනාවක් පුරා පැවති දරුණු ගැටුම් වලින් අනතුරුව කිලිනොච්චිය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට යුද හමුදාව සමත් විය.

මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් දියත් කළ 57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුල් වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් කිලිනොච්චි නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුල් විය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ඊලාම් සිහිනයේ ප්‍රධානතම බලකොටුව ලෙස සැලකූ කිලිනොච්චිය නගරය ත්‍රස්තවාදීන්ට අහිමි වීම ඔවුන් ලද විශාල පරාජයකි. කොටි ත්‍රස්තවාදීන් තම ප්‍රධානතම පරිපාලන නගරය ලෙස සලකනු ලැබුවේ ද කිලිනොච්චි නගරයයි.

මහා ආරක්ෂක පස් බැමි නිර්මාණය කර කිලිනොච්චිය ආරක්ෂා කර ගැනීමට කොටි ත්‍රස්තවාදීන් දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් සමත් විය. කිලිනොච්චි මුදා ගැනීමේ මෙහෙයුමේ දී එල්ල කළ හමුදා ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

කිලිනොචිචිය බලා ඇදෙන අපේ රණවිරුවෝ…

ලොවේ දරුණුම ත්‍රස්තවාදී න් සමග සටන් කර ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන අපේ ව්රුවන් සොබාදහමේ

බාධකද මැ‍ඩගෙන සතුරු බලකොටු ජයගෙන ත්‍රස්තවාදින් ගේ පුධාන මුලස්ථානය වන කිලිකනොචිචිය

බලා එඩිතරව පෙරට ඇදෙන අයුරු.

අපේ ‍විරුවන්‍ට ජය වේවා !