බංග්ලාදේශයේ පූජනීය ස්‌ථාන ආරක්‌ෂා කරන්න ශ්‍රී ලංකාවෙන් අරමුදලක්‌


බංග්ලාදේශයේ බෞද්ධ විරෝධීන් විසින් විනාශ කරන ලද බෞද්ධ පූජනීය ස්‌ථාන පහළවක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා මහනුවරදී (10 දා) අරමුදලක්‌ ආරම්භ කරන ලදී.

“බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණ අරමුදල “අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පරිත්‍යාග කරන ලද රුපියල් ලක්‍ෂයක මුදලෙ

න් ආරම්භ වුණු බව අරමුදල පිහිටුවීමේ මූලික සාකච්ඡාවේදී මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය ඇතිව මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් බංග්ලාදේශ පූජනීය ස්‌ථාන ප්‍රතිසංස්‌කරණ අරමුදල ස්‌ථාපිත කළ බව ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවැසීය.

ශ්‍රී දළදා මාළිගාවෙන් අරමුදලට රුපියල් දස ලක්‍ෂයක්‌ පරිත්‍යාග කිරීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තීරණය කර ඇත.

මහජන බැංකුව මහනුවර ශාඛාවේ 003100190046543 අංක දරණ ගිණුමට සහ ලංකා බැංකුව මහනුවර අධිශ්‍රේණි ශාඛාව ඉතිරි කිරීමේ ගිණුම් අංක 73877990 වෙත මුදල් බැර කළ හැකිය.

අරමුදලේ පරිත්‍යාග ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාර්ගයෙන් බෞද්ධ විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ලබාදීමට පියවර ගනු ලැබේ.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරනු අනාවරණය විණි.

දිවයින 2012/10/13

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )