රත්නමාලී ගාථා යන්ත්රය

පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් කීමෙන් ඔබේ නිවසට කර්මාන්තශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ.  නවග්‍රව අපල වලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වසානාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ.

රත්නමාලී යන්ත්රය

ගාථාව

සං සාර සාරෝඝ විනීත ණී         සං
සං ණීත සාතං සුවිසාර ධි            සං
සා ධීරකං සොණ්ණ තනුපලා     සං
සං ලාප දේසිං පණමේභි සා       සං

සං සාභිගං කේවල මෝහ නා   සං
සං නාහකං මාර ර‍ණේ විසේ     සං
සං සේවිතං දාසි මුදාර හා           සං
සං හාර ධම්මං පණමේ සදා       සං

සං දාසගං නිසිත පාප නා           සං
සං තාප ධංසිං හත ඝෝර පා       සං
සර පාරගාමිං සුවිසාර වා            සං
සං වාර සංඝං පණමේ රසා         සං

සිංහල තේරුම

සසර සැඬ පහර නවතා නිවන් වැද
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිතිපතා පින්සරු මහ සඟන

Advertisements

පල්ලියේ භික්ෂු දඩයම

නෙත් FM බැලුම්ගල 2012-03-21 තුලින් අනාවරණය කරන ලද තරුණ භික්‍ෂූන් වහන්සේලා උපැවිදි කරවන, රටට ජාතියට ආදරය කරන භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කරන මිෂනාරී අන්තවාදීන්ගේ කූඨ තිරිසන් නින්දිත වැඩ සටහනක තොරතුරු අනාවරණය…

මේ රටේ සිංහල බෞද්ධයා ඉතාමත් අහිංසක ජාතියකි. සිංහල බෞද්ධයා තම ගමේ පන්සල තමන්ගේ මහගෙදර සේ සැළකීය. එය එදත් අදත් එසේමය… සිංහල බෞද්ධයා භික්‍ෂූන් වහන්සේලා අනුසාශනා අහන ඒ අනුව ක්‍රියා කරන ජාතියකි. මේ බව හොදින් තේරුම්ගත් මිෂනාරී (කතෝලික අන්තවාදින්) තරුණ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම විහාරාධිපතින් වහන්සේලා සූක්‍ෂමව පන්සල සංවර්ධනය කරන්නට උදව් දෙන මුවාවෙන් හිතවත්කම් ගොඩනගා ගෙන උන් වහන්සේලා සහජීවනය තහවුරු කරන්නට සුහඳ හමුවලට පල්ලිය තුලට කැදවාගෙනිමින් මත් වතුරට, ලිංගිකත්වයට යොමුකොට උන් වහන්සේලාව කොටුකර ගන්නා අතර ඉන් පසු උන් වහන්සේලා ලවාම උතුම් සම්බුදු දහම වෙනුවට අධර්මය බෞද්ධයන්ට දී ඔවුන් අන්‍යාගමිකරණය කරනු ලබයි. මේ තිරිසන් කටයුත්ත නිසා සිංහල බෞද්ධයාත්, සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශය කරා යයි. එමෙන්ම රටට, ජාතියට විශාලතම ශක්තිය වූ තරුණ භික්‍ෂූ පරපුර ද රටට, ජාතියට අහිමි වන්නේය.

මේ කූඨ කුමන්ත්‍රණයේ අක්මුල් හෙළි කරන වැදගත් සිදුවීම් කිහපයක් සාක්ශි සහිතවම හෙළිදරව් කිරීමට ‍”නෙත් FM” (ලේබලයට පමණක් සීමා නොවූ) ජාතික නාලිකාවට හැකි විය. ඒ පිළිබදව සමස්ථ ජාතියේම ප්‍රණාමය ඔවුනට හිමිවිය යුතුය.
මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියලු සාක්ශි සහිත මේ හඩපටය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුමයි. මේ අන්‍යාගමිකකරණ කුමන්ත්‍රයණය කෙතරම් සූක්ෂම හා භයානක එකක්දැයි ඔබට වැටහෙනු ඇත.

චැනල් 4 වීඩියෝවට පිළිතුරු වීඩියෝ – Shadow of Terror Documentary video

ශ‍්‍රි ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි කියමින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය නිකුත් කළ නවතම වීඩියෝ දෙකට පිළිතුරු වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් වීඩියෝ දෙකක් අන්තර් ජාලයට එක්කර ඇත.

Shadow of Terror Documentary video part I

Shadow of Terror Documentary video part II

සොළොස්මස්ථාන දහසය (16)

ගෞතම බුදුරඡාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුඡනීය වු සෝළොස්මස්ථාන දහසය (16)

01. මහියංගනය

ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරුතු පස‍ළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව බුදු සසුන පිහිටුවිමට සුදුසු දේශයක් බවට පත් කල බව මහාවංශය කියයි. බුදු බණ අසා සෝවාන් වු සුමන නම් දේව රාඡයා බුදුන් ගෙන් පුඡණීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානය තුළ සත් රියන් චෛත්‍යක් කරවීය. එතැන් පටන් එය මහියංගන චෛත්‍ය හෙවත් මියුගුන සෑය ලෙස නම් විය.පසු කලෙක බුදුන්ලගේ ග්‍රීව ධාතුව තැන්පත් කරමින් විශාලත්වයෙන් යුතුව දුටු ගැමුණු රඡු විසින් චෛත්‍ය පිළිසකර කර ඇත.

වන්දනා ගාථාව

ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ

යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං

ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං

වන්දාමි සාධු මහියංගන ථූපරාජං

02. නාගදීපය

නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ බුදත්වයෙන් පස් වන වර්ෂයේය. චූලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී. එහිදි කරුනු අවබෝධ කරගත් රඡවරු මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ. අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ. නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය. එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.

වන්දනා ගාථාව

භගිනීසුත මාතුලේහි දින්නේ

මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,

මුණිධම්ම මදේසයී මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං

03. කැළණිය

බුදු රඡාණන් වහන්සේගේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය. එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක් වැඩසිටි බවට සාක්ෂි වේ.

වන්දනා ගාථාව

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස

යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං

තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං

කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි

04. ශ්‍රී පාදස්ථානය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි. එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ. කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන් සිර්පාදස්ථානයේ වන බව “අඔගමු”ලිපියේ සටහන් වේ.

වන්දනා ගාථාව

කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා

දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං

ලංකාමහීවරවධු මකුටෝපමානං

වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං

05. දිවාගුහාව

සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

වන්දනා ගාථාව

ලංකා මහිවරවධු මකුටායමානේ

අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ

සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා

වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං

06. දීඝවාපිය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. ක්‍රි.පු 137 දී සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. එළාර දුටුගැමුණු සටනේදී සිංහල සේනාවන්ට සහල් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙනි.

වන්දනා ගාථාව

නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ

ඛණං සමාපත්තිසුඛං සමප්පයී

සරීරධාතුං හි නිධාන කාරිතං

නමාමි චේතිං සිරි දීඝවාපිකං

07. මුතියංගනය

දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.

වන්දනා ගාථාව

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා

සුරක්ඛිතං ඉන්දක දේව තේජසා

ජයංගණං සීහල දීප වාසිනං

මුතිංගණං ථූප වරං නමාමි

සිංහල අර්ථය

සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴

08. තිස්සමහාරාමය

බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.

වන්දනා ගාථාව

නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ

පුණ්ණින්දු සංකාස ලළාටධාතුං

අකාරයී තිස්ස නරිස්සරෝතං

ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ

09. ඡය ශ්‍රී මහා බෝධිය

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.

සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.

අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්‍රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්‍රියා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.

මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.

අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.

දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරු වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්‍රධාන හේතුවකි.

වන්දනා ගාථාව

යස්ස මුලේ නිසින්නෝව

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බංඤුතං සත්තා

වන්දේතං බෝධි පාදපං

ඉමේ ඒතේ මහා බෝධී

ලෝකනාතේන පූජිතා

අහංපිතේ නමස්සාමී

10. මිරිසවැටිය

ක්‍රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්‍රි.ව. 913-922 රජකළ පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

වන්දනා ගාථාව

අභයරාජ වරේන සධාතුකං

සුනිධහිත්ව කතං සකුන්තං

සකල සත්ත හිතං පණමේ සදා

මරිචවට්ටික චේතිය මුත්තමං

11. රුවන්වැලි මහා සෑය

දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.

වන්දනා ගාථාව

අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු

නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං

තං ගාමිණී රාජ කතං නමාමි

සුවණ්ණමාලී වරථූපරාජං

12. ථුපාරාමය

සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ. මෙය ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.

වන්දනා ගාථාව

පත්තප්පමාණං මුනිරාජධාතුයෝ

නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං

දේවාදිතිස්සේන කතං හි ථූපා

රාමාභිධානං පණමාමි භත්‍යා

13. අභයගිරිය

බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්‍රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්‍රතිසංස්කරණය කළහ.

වන්දනා ගාථාව

කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ

කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව

විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා

අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි

14. ජේතවනාරාමය

ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්‍යය ද වේ.

වන්දනා ගාථාව

පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං

ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ

මහාමහාසේන නරින්දකාරිතං

සුචේතියං ජේතවනං නමාමි

15. සෛල චෛත්‍යය

මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.

වන්දනා ගාථාව

සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා

වරං සමාපත්ති සුඛං පවින්දි

ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං

සිලාමහාථූපමහං නමාමි

16. කතරගම කිරිවෙහෙර

බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.

වන්දනා ගාථාව

යහං සමාධිං ගතවා තහිං මුනී

නිසින්න සොණ්ණාසන කේස ධාතුකං

ලද්ධා මහාදසේන නරින්ද කාරිතං

නමාමහං කාචරගාම චේතියං

සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං

කළ්‍යාණං පදලාංඡනං

දිවාගුහං දීඝවාපී

චේතියංච මූතියංගනං

තිස්සමහා විහාරංව

බෝධිමරිචවට්ටියං

සොණ්ණමාලී මහා චේතියං

ථූපාරාම භයාගිරං

ජේතවනං සේලචේතියං

තථා කාචරගාමකං

ඒ‍තේ සෝළසඨානානි

අහං වන්දාමි සබ්බදා.

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්…….//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ…….
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්……..

මායාවකි ප්‍රේමය මා  හදවත රිදවූ යේ…….
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ…….

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්…….

සදා කාලික නොවූ ලෝකයෙ සදා කාලීක ප්‍රේමයක් ……

සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා….
ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා…..

සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක් ……
සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම් බඳින්නෙ..

පද: ආනන්ද අමරසිරි
තනු: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

THE SHOCKING TRUTH ABOUT BUDDHISM

Can you handle the truth about Buddhism from the world’s fairest and most respected scholars? Then I challenge you to watch this video till the end.

 

අපි වෙනුවෙන් අපි