මරණය කෙබදුද?

ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි

මරණයේ අත්දැකීම

උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්ව ඇත .

තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි


එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි


*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
*කන් ඇසීම නැතිව යාම
*ඇස නොපෙනී යාම
*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම

තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්‍රියන් මොට වීම ක්‍රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්‍රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ

උපුටා ගැනීම
ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි

Advertisements

අනේ පව් ! සිරසට ගිය කල !!!!!

අන් මාධ්‍ය ආයතනවලට වඩා ඉහළින් කැපී පෙනෙන්නට පැළඳ ගෙන සිටි වෙස් මුහුණ රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ගලවා දමා ඇත. සියලු සළුපිළි ගලවා වික්‍රමසිංහ මහතා විසින්ම නිරුවත් කර තිබේ. මාධ්‍යයේ අයිතිකරුවන් සේ පෙනී සිටින්නට මෙතෙක් දෙසූ කයිවාරු රනිල් වික්‍රමසිංහ විසින්ම බොරු කර තිබේ. මාධ්‍ය ඔස්තාර්ලා සේ පිම්බුණු ඔළුවක් ඇතැයි කීවත් මොළේ නැති බව රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම හෙළිදරව් කරනු ලැබ සිටී. මාධ්‍ය ලෝකයේ දැවැන්තයකු වන්නට ගැසූ කයිවාරු දැන් හමාරය. දැඟලූ දැඟලිලි අඩපණය. පිම්බුණු පිම්බිල්ල නිකම්ම නිකම් පුස්සක් වී තිබේ. පැරැණි පත පොත උදාහරණ සහිතව පෙන්වා දී ඇත්තේ කරන කලට පව් මිහිරි බවය. වතුර රත් වනතුරු කකුළුවා දියෙහි සෙල්ලම් දාන බවයි. ඇඟිල්ලේ තරමට ඉදිමිය යුතු බවයි. මේ සියලු කරුණු අස්සේ රටට අනාවරණය වී ඇත්තේ සිරස තිබුණාට මොළය නැති බවයි. මොළේ පෑදෙන්නට තවත් කාලාන්තරයක් සිටිය යුතු බවයි.

අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ


විසි වැනි සියවසේ අපට ආශ්‍රය කරන්නට ලැබුණ හා ආභාෂය ලබන්නට වාසනාව ලද අතිපූජනීන් මහතෙරපාදයන් අතරින් අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ, සුවිශේෂී කාරණා රාශියක්‌ නිසා මුළු මහත් ලාංකිකයන් මෙන්ම උන්වහන්සේගේ ඇසුර ලබන්නට භාග්‍යවත් වූ ලෝකයේ බොහෝ රටවල් බොහෝජනයා ද අගය කරන සුවිශේෂ චරිතයක්‌ වෙති. උන්වහන්සේගේ වාර්ෂික ගුණානුස්‌මරණය මෙම මසට යෙදෙන බැවින් ඒ සඳහා පාදක වන පූර්විකාවක යෙදෙන්නට මෙය හොඳම අවස්‌ථාවක්‌ ලෙස සැලකේ.

ශ්‍රී ලාංකික අපේ පැරැණි ශාසනික උරුමයෙන් අප ලද මහා සංඝ සම්ප්‍රදායන් දෙකක්‌ අප අතර තවමත් අවිච්චන්නව පවතී. ඒ ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරයයි.

පොත්පත් කියවීම, ලිවීම, ඉගැන්වීම හා ඉගෙන ගැනීම ආදි ශාස්‌ත්‍රීය ක්‍රියාදාමයන්හි බහුලව යෙදීම ග්‍රන්ථ ධුරය ලෙසත්, ඒවායින් මිදී හුදෙක්‌ නිශ්ශරණධ්‍යාශීවීම හෙවත් ප්‍රතිපත්තමය ප්‍රතිපදාවෙහි නිරන්තරවම යුහුසුළුවීම විදර්ශනා ධූරය ලෙසත් සරලව අපි හඳුනා ගනිමු.

ආදි බුදුසමය හෙවත් බුදුසසුන ආරම්භක කාලයේදී වඩා වැදගත් ලෙස සැලකුණෙ විදසුන් වැඩීමයි. හෙවත් විදර්ශනා ධූරයෙහි නියෑලීමයි. මේ නිසා එම මුල් යුගය තුළ ශ්‍රද්ධාවෙන් සසුන් ගතවූ උපාසක උපාසිකාවෝ කවර සමාජ තලයකට අයත් වුවද මග ඵල ලබා නිවන් සුවයෙන් ම නිවී සැනසුනහ. ඒ නිසාම එකල එබඳු ලෙස රහතන්වූ භික්‍ෂු-භික්‍ෂුණීන්ගෙන් ශාසනය පිරී ඉතිරී පැවතිණි.

එහෙත් මෙම තත්ත්වය ක්‍රමයෙන් විවිධ සමාජ දේශපාලන හේතූන් නිසා ක්‍රමයෙන් අභාවයට පත්වීම බුදුරදුන් පිරිණිවන්පෑ සමය තුළින්ම ආරම්භ වෙමින් තිබිණි. භික්‍ෂුව ලාභ කීර්ති ප්‍රශංසා හමුවෙහි උකටළීවීම ආදී තවත් අනේක සම්බාධක ඉස්‌මතුවීම ප්‍රකටව පෙනුණ අතර, මේ සියල්ලටම වඩා භික්‍ෂුව විය යුතු වූ පරිදි අධ්‍යාත්මික ප්‍රගමනය වෙනුවට ශාස්‌ත්‍රීය නැඹුරුවකට කාලය හා සමාජ පරිසරය විසින් තල්ලුකරවා ලීම, ඉහත සඳහන් කළ ග්‍රන්ථ ධූරීය පරිහානිය වඩාත් බහුල කරන්නට හේතුව බවට නිගමනය කළ හැකි සිද්ධවාචක මෙම වකවානුව තුළ අපට බෙහෙවින් ප්‍රකට ලෙසටම පෙනෙන්නට තිබේ.

මෙසේ ගොඩනැඟුණ ශාස්‌ත්‍රීය පසුතලය අපේ අවසාන රහතන් වහන්සේගේ පහළවීම ඉක්‌මන් කළ බව ශාසන ඉතිහාසයේ සනිටුහන් කළ බව සපුරාම පැහැදිලිය. මිනිසා වඩාත් භෞතික කරණයට පත්වීමක්‌ තුළ මෙබඳු ප්‍රාසාංගික තත්ත්වයන් අනිවාර්යවීම නොවැළැක්‌විය හැක්‌කේමය. අද බුදුසමය තුළ දක්‌නට ඇති සියලුම ව්‍යසනයන්ට මෙම තත්ත්වය බෙහෙවින් හේතු කාරකවූ බව එයින් ඉදුරාම පැහැදිළිය.

මෙම ධූරයන් දෙකෙහිම අනලස්‌ව යෙදෙමින් තම කුශලතා පරිහරණය කළ මෑතකාලීන අප දන්නා මහා තෙරුන් වහන්සේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණෝය. උගතමනා සාම්ප්‍රදායික ආරාම අධ්‍යාපනය තම ගුරු ඇසුරින් ද, පොතපතින් ද ප්‍රගුණ කළ උන්වහන්සේ පෙරදිග පාලි සංස්‌කෘත ද සියලු භාෂා දැනුමෙන් ද පරිපූර්ණ වූ අතර අපරදිග ඉංගී්‍රසි ලතින් ආදී භාෂාවන් ද මැනවින් හදාළහ. ත්‍රිපිටක දහමෙහි හසළ බුද්ධිපරිපාටකයෙන් අග්‍රව බලන්ගොඩ මහනාහිමියෝ අපේ කාලයේ බෙහෙවින්ම බහුගෘත වූ පඬිවරයාණන් ලෙස ද උගත් බහුජන සම්මානයට ද පත්වූහ.

දහම පිළිබඳ ලබාගත් අග්‍රගණ්‍ය දැනුම ප්‍රායෝගික කර ගන්නට දැඩි සේ අදිටන් කළ මෙම ව්‍යක්‌ත තරුණ යතිවරයාණන් ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සෘෂිවරුන්, යෝගීන් ඇසුරු කරමින් ඔවුන් හා ජීවත්වෙමින් කාලපරිච්ඡේදයක්‌ ගත කළ ආකාරය උන්වහන්සේ පළ කරන්නේ ප්‍රථග්ජන මනස්‌ තුළ විශ්මය ඇති කරමිනි. මෙම භාවනායෝගී නිස්‌සරණගවේෂී කාල පරිච්ඡේදය උන්වහන්සේගේ ජීවිතයේ මහත් පරිවර්තනයක්‌ සිදු කළ අවදිය ලෙස උන්වහන්සේම ප්‍රකාශ කරන අයුරු අප අසා ඇත්තෙමි. විවිධ මාර්ගයේ විශ්මය දනවන අධ්‍යාත්මික යෝගී සමූහයක්‌ සමග උන්වහන්සේ ලද පරිචය හා අද්දැකීම ලබාගත් ශ්‍රී ලාංකික වෙනත් භික්‍ෂූවරයෙක්‌ අප නම් අසා නැත. මෙම උද්වේගකර නව දැනුම හා අද්දැකීම ලබමින් අප මහනාහිමියෝ ලෞකික තත්ත්වයන් අභිබවමින් ලෝකෝත්ර තලයක ධර්මානුකූලව අද්දැකීම සිය මනසින් ග්‍රහණය කරගැනීමට තරම් මානසික දියුණු උසස්‌ තලයකට පත් වන්නට සිය උත්සාහය ප්‍රතිඵලදායක වූ බව උන්වහන්සේම අප සමග පැවසූහ.

දේශපාලනය, සමාජ සේවය ප්‍රමුඛලා සලකමින් තම සැබෑ භික්‍ෂු කාර්යභාරය අමතක කරමින් සංසාරික අන්ධකාර ගමන්මගක දැන හෝ නොදැන යන වර්තමාන භික්‍ෂු සමාජයට බළන්ගොඩ මහනාහිමියෝ සැබවින්ම මහ පහන් ටැඹකි. මහන්තත්ත්වය, ලාභ කීර්ති විජිගීෂාව, ප්‍රෙෘඪත්වය ආභරණ සේ සලකමින්, අසම්මානයම දියුණු කරගන්නට නිරන්තරම දිවා රාත්‍රි වෙහෙස වන අපි ඇතැම් යතිවරුන්ට ආනන්ද මෛත්‍රෙ චරිතාපදානය හරිමඟ කුමක්‌දැයි පහදා දෙනු ලබන මහා ආදර්ශ ක්‍රියාමාර්ගයකි.

මේ ශේ්‍රෂ්ඨ උතුමාණන්ගේ වාර්ෂික ගුණසමරුව වෙනුන්, උන්වහන්සේගේ සමීපතම ශිෂ්‍යවරයා වූ බඹරකොටුවේ ආනන්ද මංගල හිමියන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ආනන්ද මෛත්‍රෙය පදනම සංවිධානය කරන උත්සවය විවිධ වැඩසටහන් රාශියකින් යුක්‌ත වේ. එය මෙම අගෝස්‌තු 24 වැනිදා පැවැත්වේ. පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා විසිනි.

http://www.divaina.com/2011/08/20/feature01.html
ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා ජාත්‍යණ්‌තර බෞද්ධ මහා විහාරයේ
ආචාර්ය තවමල ධම්මික නාහිමි