කොටි ජාත්‍යන්තර ජාලයේ දෙවැනියා අත්අඩංගුවට

කොටි ජාත්‍යන්තර ජාලයේ දෙවැනියා ලෙස පවසන තිරුගනසම්බන්ධන් මානිවන්තන් මැලේසියානු රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී කස්‌ත්‍රොaගේ දෙවැනියායි. අත්අඩංගුවට ගත් මානිවන්තන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මැලේසියානු රජය තීරණය කර ඇත.

මැලේසියානු ස්‌වදේශ ඇමැති නිෂමුදින් හුසෙන් මේ බව හෙළිකර තිබේ. කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. මැලේසියාවේ දී අසුවීමත් සමග මානිවන්තන් අතුරුදන් වී සිටියේය.


කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2011/08/06/news11.html

Advertisements

මෙරට ප්‍රථම සූර්ය බලශක්‌ති බලාගාරය 8 දා විවෘත කෙරේ

හම්බන්තොට බුරුත කන්දේ ඉදිකළ කිලෝවොට්‌ පන්සියයකින් සමන්විත මෙරට ඉදි වූ පළමු සූර්ය බලශක්‌ති බලාගාරය ලබන සඳුදා (08 වැනිදා) පෙරවරු 10.30 ට විදුබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අතින් විවෘත කෙරේ.

මෙම බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 412 ක්‌ වැය වී ඇති අතර මෙය පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියකි. ඒ අනුව පරිසරයට වසරකට මුදාහරින කාබන් ඩයොක්‌සයිඩ් ටොන් 300 ක්‌ පරිසරයට මුදා හැරීම නවතිනු ඇතැයි ද විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෝයි ඡොන්ග්මුන් මහතා ද සහභාගිවීමට නියමිතය.

ශිරාන් රණසිංහ

http://www.divaina.com/2011/08/06/news08.html

ඹබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ – සිංහල කැරෝකී