සිංහලුන්ගේ අංගම්පොර සටන්කලාව

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පසුගියදා (26) පැවැති අංගම් පොර සටන් ශිල්ප සංදර්ශනයේ අවස්ථාවන් කීපයක් පහත දැක්වේ.

අංගම්පොර සටන්කලාව පිළිබද වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින් බලන්න.

විකිපීඩියා විශ්වකෝෂය

http://angampora.org/

 

 

විකිපීඩියා විශ්වකෝෂය 

 

 

 

 

 

 

 

Advertisements

අවසන් විග්‍රහය – ඹබ හා කර්මය

61 වෙනි බෙල්ලන්විල ඇසල පෙරහැ‍ර

අගෝස‍්තු 27 වන දින බෙල්ලන්විල  රජමහා විහාරයේ පැවැත්වූ අවසන් රන්දෝලි මහා පෙරහැරේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

බෙල්ලන‍්තොට හන්දියේ ඉදිකර තිබූ තොරණ

බෙල්ලන්විල  රජමහා විහාරයේ පිවිසුමි දොරටුව ආලෝකවත්ව

 

බෞද්ධ කොඩ් අතැතිව

දර්ශනීය අවස්ථා

පෙරහැරේ මුල හරියේ ගමන් ගත් කුඩා අලි පැටියෙක්

බෙරකරුවන්

හතලිස් ගණනක් වූ පෙරහැරේ ගමන්ගත් අලි සහ ඇතුන්

කොහොඹ කළ නැටුම

 

බොරු කකුල් කරුවන්

 

SLT ADSL Static IP එකක් භාවිතා කරමින් Remote Desktop Access Configure කිරීම

මේ සදහා මම භාවිතා කලේ 4MB SLT ADSL Xcel 1IP   සමිබන්ධතාවයකි.

මෙම කනෙක්ෂන් එකත් සමග අපටම වෙන් වූ අයි.පී ලිපිනයක් ලැබේ. (උ.දා 124.43.26.xxx) මෙසේ ලැබෙන අයි.පී ලිපිනය යොදා ගනිමින් රවිටරයේ සැකසුමි සාදා ගත යුතුය.

SLT ADSL රවුටර් Configuration සදහා අදාල විස්තර SLT වෙබි අඩවියේ ඇත

http://www.slt.lk/broadband/ec.html

Parameter Value
Routing Type PPPoE
Virtual Path Identifier (VPI) 8
Virtual Circuit Identifier (VCI) 35
Multiplexing Method LLC/SNAP
Authentication Protocol PAP
ADSL Standard G.dmt (G992.1) / ADSL 2+ (G992.2)

මෙ‍සේ රවිටරය අන්තර්ජාලය හා සමිබන්ද වීමට configure කරගත් පසු ලෝකල් නෙටිවර්ක් අයි.පී එකක් ඇති පරිගණකයක් සමග (උ.දා. 10.3.8.102) අන්තර්ජාල සබදතාවය සදහා සකසා ගත යුතුය. මේ සදහා රවිටරයේ අයි.පී ලිපිනයද ලොකල් නෙටිවර්ක් එකට අදාල ලෙස සකසා ගත යුතුය(රවුටරය හරහා නෙටිවර් එකේ ඇති අනෙක් පරිගණක වෙත අන්තර්ජාල සමිබන්දතාවය ලබා ගැනීම සදහා) .

අන්තර්ජාල සබදතාවය සකසා ගත් පසු දුරස්ථව පාලනය කළයුතු පරිගණකය හදුනා ගැනීය සදහා රවුටරයේ සිට දුරස්ථ පාලනයට අදාල පෝටි එක යොමු කළ යුතුය මෙය Port Forwarding ලෙස හැදින්වේ.රිමෝටි ඩෙක්ස්ටොප් සදහා භාවිතා වන්නේ port 3389 යි.

පෝර්ටි ෆෝර්වර්ඩ් කිරීම එක් එක් රවුටරය අනුව වෙනස් වේ portforward.com වෙබි අඩවියේ සෑම රවුටරයකටම වාගේ අදාල සැකයුමි රූප සටහන් සහිතව දක්වා ඇත.

අදාල රවුටරයේ NAT – Virtual Servers කොටසට ගොස් සමහර රවුටර් වල Select a Service කියන තැනම Remote Desktop සර්විස් එක තිබෙන අතර එසේ නොමැති නම් Custom Server වල රිමෝටි ලොග් විය යුතු පරිගණකයේ නමද (හදුනා හැනීමේ පහසුව සදහා. මේ සදහා ඹ්නෑම නමක් යෙදිය හැක.)

Server IP වල රිමෝට් ලොග්විය යුතු පරිගණකයේ අයි.පී ලිපිනයද (උ.දා. 10.3.8.102) ලබා දිය යුතුය.

External Port Start 3389  | External Port End 3389 ලෙස TCP ද

External Port Start 3389  | External Port End 3389 ලෙස UDP ද

Internal Port Auto මෙය ම වැටේ. එසේ නැතිනම් එම පෝර්ට් ද මෙසේම ඇතුලත් කළ යුතුය.

මෙම පෝර්ට් නමිබර් අවශය නමි වෙනස් කළ හැකි නමුත් එසේ වෙනස් කළවිට ව්න්ඩෝස් ෆයර්වෝල් එකේද එම පෝර්ට් එක ඇරීම සදහා අවශය සැකසීමි කළ යුතුය.

ඉන් පසු මෙම සැකසුම් ඇප්ලයි කර අදාල දුරස්ථව පාලනය කළ යුතු පරිගණකයේ එම පෝට් එක ව්වෘත වී ඇත් දැයි බැලිය යුතුය. මේ සදහා http://canyouseeme.org/ වෙබි අඩවිය වෙත පිවිස What Port? යන්න ඉදිරියෙන් 3389 ලෙස සදහන් කර (මෙහි උඩින් ඇති Your IP: යන්න ඉදිරියෙන් ඹබට 124.43.26.xxx වැනි ටෙලිකොමි එකෙන් ලබා දුන් අයි.පී ලිපිනය සටහන් වී තිබිය යුතුය) Check Button ක්ලික් කළ විට  Success  ලෙස සටහන් විය යුතුය. එසේ නොමැතිව Error: කියා පැමිණියහොත් පෝර්ටි ෆෝර්වඩින් හරි ආකාරව සිදුවී නොමැත. අදාල පරිගණකයේ Remote Desktop සර්විස් එකද අනිවාර්යෙන් (Allow Users to Connect Remotely to this Computer) ඇක්ටිවි කර තිබිය යුතුය.

පොර්ට් ෆෝර්වර්ඩ්න් එක සාර්ථක නම් අන්තර්ජාලයට පිවිසිය හැකි ඹ්නෑම පරිගණකයක රිමෝටි ඩෙක්ස්ටොප් වෙත ගොස් 124.43.26.xxx:3389 ලෙස ඹබගේ අයි.පී ලිපිනය සටහන් කිරීමෙන් අදාල පරිගණකයේ Remote Desktop වෙත පිවිසිය හැක.

මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ …

මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවේදෝ …….//

දිලි දිලි දිලිසී නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැදි රැදි රැදි තුරුලේ වෙලී පෙම් බඳෙ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු රෑනේ පෙම් ගී රාවේ

මා ප්‍රාර්ථනා….

පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කරේ
රස සිතුවිලි අතරේ සුපෙමි මාවතේ
ඔබ අතගෙන ලෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනු‍රාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

මා ප්‍රාර්ථනා….

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…

ජීවත් වෙද්දි කොච්චරනම් ප්‍රශ්න එනවද? අපි ඒවට කොච්චර සාර්ථකව මුහුන දෙනවද? අපි මෙතනදි ප්‍රශ්න ගැන කතා නොකර ඉමු. ඒවයින් නිදහස් වෙන්න උතසාහ කරමු.

ප්‍රීතිමත්, සැහැල්ලු, තෘප්තිමත් දිවියකට…….

කවදාවත් ඔබ, ඔබව මනින්න උත්සාහ කරන්න එපා.

ඔබ, ඔබ ගැනම විවෙචන කරගනිමින්, මනිමින් ඔබගේ ජීවිතය අර්ථදක්වන්න එපා. අනිත් අයගේ ජීවිත ගැනත් තීන්දු, තීරන ගන්න යන්න එපා. උදාහරනයක් විදිහට ඔබ ඔබේ දෙමව්පියන් ගැන හිතන්න. ඔවුන් ඔබට බනිනවා ඇති. මෝඩයා…….. ජීවිතේ නස්තිකරගන්නයි උබ ඔය හදන්නේ…….. ඔවගේ දේවල් සමහරවිට කියනව ඇති. ඒත් ඔබ ඒ වචන වලට බැහැල, ඔබේ ජීවිතය ගැන හිතන්න යන්න එපා. ඒව හිතට ගන්නත් එපා. නමුත් ඔබට ඒවා තදින් දැනෙනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඉහිල් ( Relax ) වෙන්න.
දෙමව්පියන්, මිතුරන්, අසල්වාසීන් ඔබ ගැන කියන දේවලට, ඔවුන් එක්ක රණ්ඩු වෙන්න, බැන ගන්න යන්න එපා. ඔවුන් ගැන තරහක්, වෛර්යක් ඇති කරගන්න එපා. ඔවුන් කියන දේ සමහරවිට හරි වෙන්නත් පුලුවන්, ඒත් වැරදි වෙන්නත් පුලුවන්නේ….. ඒ වචන වලින් ඔබේ ජීවිතයට බලපෑමක් ඇති කරගන්න එපා. ඔබ කව්දැයි තීරණයකිරීමට හා ඔබ කැමති කෙනෙකු වීමේ සම්පූර්ණ අයිතිය හා බලය තමා සතු බව පමනක් සිතේ තබාගන්න.

ඔබේ ප්‍රශ්න දෙමව්පියන් සමග ප්‍රකාශකරන්න.

කිසිම දෙයක් හංගන්න එපා. කියන්න තියන ඕන දෙයක් කියන්න. බය වෙන්න එපා ඔවුන් ඔබට ආදරෙයි. ඔවුන් පිළිබදව ඔබ මොනව හිතන් හිටියත්, හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ. මෙතනදි හැගීම් බරව කතාකරන්න. ගැහැනු, පිරිමි කියල වෙනසක් නෑ. ඔනම ප්‍රශ්නයක් ඔවුන්ට කියන්න. මෙයින් ඔබේ හිතට ලොකු නිදහසක් දැනෙනවා විතරක් නෙමෙයි, ඔබ වෙන ලෝකෙකින් ආව එකෙක් නෙමෙයි කියල ඔබට දැනෙයි.

එලිමහනට යන්න.

කාමරය තුලට වී හෝ ගෙට වීම ඉන්න එපා. එලෙක්ට්‍රොනික උපකරණත් සමග : ( Playsatation, X box , TV බලමින් , පරිඝණකය ආශ්‍රිත ( Face book, Blogging,Mysapace, Hi5) නොසිට එලිමහනට යන්න. කායික නොවන ක්‍රියකාරකම් වලින් පැයකට හෝ බැහැර වන්න. සොබාදහම් මාතාවගේ අපූරු නිර්මාණ රසවිදින්න. කුමක් හෝ නිර්මාණාත්මක ක්‍රියකාරකමක යෙදෙන්න.

ඔබේ පවුලේ සාමජිකයන් හා මිතුරන් අතර ගැවසෙන්න.

සුලු වේලාවක් ඔබේ පවුලේ සාමාජිකයන් අතරේ ගැවසෙන්න. පුන්චි කතාබහක් කරන්න. ඔබේ යලුවෝ අතරෙ ගැවසෙන්න. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන්ට ප්‍රශ්නයක් නම් උදව් කරන්න. ඔබේ සුරතලාත් සමග ඉන්න.

බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

බාහිර පරිසරයත් සමග ගනුදෙනු වෙන ක්‍රියා සිදුකරන්න. උදාහරනයක් ලෙස, ඔබේ මිතුරන් සමග යම් සමාජයක් හෝ කුඩා කණ්ඩායමක් හදාගන්න. ඔබේ අසල් වැසියන් සමග සුහදශීලී වන්න. ශ්‍රමදානයක් කරන්න.

ඔබේ වටපිටාව සමග තව තවත් සබදතා ඇති කරගන්න.

ඔබේ අසල්වැසියන්ට ඔබ ගැන දැන ගන්නට ඉඩහරින්න. ඔබේ බයිසිකල අසල්වැසි නිවෙස් අසලින් පැදයන්න. ඔබ ජීවත් වන ප්‍රදේශයේ උයනක් (Park එකක්) ඇත්නම්. එහි ගැවසෙන්න. පිට්ටනියේ ඇවිදයන්න.

ඔබ ඔබට කැමති දෙයක් කරන්න.

කඩේට යන්න (shopping). සිනමා පටයක් නැරබීමට සිනමා හලට යන්න. ක්‍රීඩාවක් කරන්න. leisure world වැනි තැනක ගොස් විනෝද වන්න.

පිරිසිදුව නැවුම්ව සිටින්න.

මුහුන සේදීමෙන් , නෑමෙන් ශරීරය නැවුම්ව තබාගන්න.

නිසි පරිදි ආහාරගන්න

ශරීරයට අවශ්‍ය තරමට ආහාර ගන්න. කෘතිම කෑම වලින් හැකි පමනින් වලකින්න. මුළුතැන්ගෙට ගොස් කෑම පිසීමට හවුල් වන්න. ( අම්මාට හෝ ඒ කෑම පිසින තැනැත්තාට ). වැඩිපුර ශාකමය ආහාරම අනුභවකරන්න.

සතුටින් සිටින්න.

ඔබට ජීවිතයේ ලැබුනුදේ ගැන සිතා සතු‍ටු වන්න. සැම විටම සිනාමුසු මුහුනින් සිටින්නට උතසාහ කරන්න.

ජීවිතේ ගැන කනස්සලුවෙන්න එපා.

බුදු දහම හා නවීන විද්‍යාව

බුදු දහම හා නවීන විද්‍යාව බුදු දහමත් නවීන විද්‍යාවත් සංන්සන්දනාත්මක ලෙස විග්‍රහ කොට සමාන බව දක්විමට වත්මන් යුගයේ බොහෝ විද්වතුන් පෙළඹී සිටින බව පෙනේ. තරඟකාරිත්වයන් පස්කමි සැපතට ලෝලත්වයන් සහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව වැනි මානසිකත්වයන් ඇති කෙරෙන නවීන විද්‍යාවන් සදා සැනසුම ගෙන දෙමින් නිවන් සුවය සලසන බුදු දහමක් කිසිදා සම නොවන බව හේතු එලවාදීබව විග්‍රහ කල හැකිය. “තථාගතස්ස වේදිනෝ ධම්ම විනයෝ විවමෝ විරෝචති නපටිචිජන්නෝ” යන ඉගැන්වීමට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇති ධර්ම විනය විවෘත කරන විට හා විචේචනය කරන විට තව තවත් බබළයි.විචේචනය නොකරනතාක් නොබබළයි සදහන් වේ. බුදු දහම මිනිසාට ස්වාමීත්වය හිමිකර දී ඇති මානව කෙන්ද්‍රීය දර්ශනයකි.

එය මිනිස් සමාජයේ හිතසුව පිනිස හේතු වන්නකි. අද ඇතැමි රටවල දේවවාදී ආගම් අහිබවා නවීන විද්‍යාත්මක ඉගැන්වීමි ඉදිරියට ගොස් ඇත.ඒ කෙරෙහි මිනිසාගේ නැඹුරුව කෙසේද කිවහොත් තම ආගම ද අතහැර නවීන විද්‍යාව ඇදහීමට පෙළඹී සිටී.නමුත් බුදු දහම දභිබවා යාමට හෝ ඒ වෙන ළඟා වීමට හෝ තවම නවීන විද්‍යාවට හැකියාව ලැබී නැත. බුදුරදුන් දෙසු ධර්මය ආචාර විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක සමාජ විද්‍යාත්මක දර්ශනික හා විද්‍යාත්මක පදනමකින් යුතු දහමකි. විද්‍යාත්මක පදනමකින් යුතු වන්නේ වත්මන් විද්‍යාඥයින් කරන අර්ථ කථනයන්ට වඩා පුඵල් අර්ථයකිනි.

මිනිසාගේ බාහිර දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවට ද බුදු සමය මග හෙළි කොට ඇත.බුදු සමයේ විද්‍යාත්මක පදනම මානව හිතවාදිගුණයෙන් යුතු වන අතර නවීන විද්‍යාත්මක නිපදවීම් තුළ මානව හිතවාදී ගුණයක් නැත.නවීන විද්‍යාව තුළින් බාහිර අංශයේ හෞතික දියුණුව පමණක් දැකිය හැකිය. බුදු දහම අනුව අධ්‍යාත්මික දියුණුවෙන් තොරව ලබන සියඵ හෞතික සම්පත් විනාශ වේ. “යං කිංචි සමුධය ධමිමං සබ්බංතං නිරොධ ධමිමං” යන දේශනාවෙන් එය පැහැදිළි වේ. බුදුරාජනන් වහන්සේ විසින් දීර්ඝ නිකායේ අග්ගඤ්ඤි සුත්‍රයේ දක්වා ඇති විශ්වයේ සමිභවය පිළිබද විග්‍රහය ද නවින විද්‍යාඥයින්ගේ අවධනායට යොමු වී ඇත.සමස්ත විශ්වයේ ක්‍රියාවලියම බුදුරදුන් විසින් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය පුනර්භවය ත්‍රී ලක්ෂණය යන සංකල්පය මගින් විග්‍රහ කරනු ලැබීය.

සමත හා විදර්ශන භාවනා මගින් සිත දියුනු කර ගැනීමෙන් පංචාභිහද්‍ර අෂ්ට සමාපත්ති ලැබිය හැකිය. ඒ තුළින් බුද්ධ ශ්‍රාවක පිරිස විශ්වයේ ක්‍රියාවලිය නුවණින් දත්සේක.සිතෙහි පවතින කෙළෙසුන් ක්‍රම ක්‍රමයෙන් දුරු කිරිමෙන් සෝවාන් සකෘද්‍රගාමී අනාගාමී අරහත් මාර්ග එලයන්ට පත්ව විභවයේ යථාර්ථය නුවණින් දකින මග බුදු සමයෙන් විවරණය වේ. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් සුඵ පිරිසකට තාවකාලික සුවයකුත් විශාල පිරිසකට අයහපතක් උදා කරමින් විවිධ පරික්ෂණ හා අත් හදා බැලීම් කරන අයුරු දැකිය හැකිය ඇතැමි සොයා ගැනිමි හමුවේ විද්‍යාත්මක කරුණු බුදු දහම හා සැසදෙන බවත් ඇතම් කරුණු නොසැසදෙන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.වැඩි දුර පරික්ෂණ හා නිරික්ෂණ කිරීමේදි බුදු දහමේ කරුණු සනාථ වු අවස්ථා කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ.ඉන් අපට පැහැදිලි වන්නේ නවීන විද්‍යාව නමින් දිනෙන් දින දියුණුවන්නේ බුදු දහම බවයි.ඒ බව ලෝකවාසීන්ට නුදුරු අනාගතයේදී වැටහෙනු ඇත.නවීන විද්‍යාවේ දියුණුව නිසා වත්මන් මිනිසාට වන්ද්‍ර සුර්ය ග්‍රහ තාරකා චක්‍රාවාට ආදිය තරණය කිරීමටත් එහි ස්වරූපය කැමරාගත කිරිමටත් හැකියාව ලැබී ඇත.

ඇතැමි ලෝක භ්‍රමණය වන අයුරුත් සොයා ගැනිම නවින විදයාවේ හාස්කම් ලෙස දැක්වුවද බුදුරදුන් දේශනා කොට ඇති තරම් ලෝක පිළිබද තොරතුරු සොයා ගැනීමට තවම විදයාඥයින්ට හැකියාව ලැබී නැත. අංගුන්තර නිකායේ ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ බුදුරදුන් දේශිත ‍ලෝක විසි දෙදහසක් ගැන සදහන් වේ.විශ්වයේ තරම සිතිමට අපහසු බවත් අචින්ත්‍ය බවත් දේශනා කොට ඇත.එහිදි බුදුරදුන් ආනන්ද තෙරුන් අමතා “යාවතා ආනන්ද චන්දිම සුරියා පරිහරන්ති දිසාහන්ති විරෝචනාතාව සහස්සධා ලෝතෝ ”(ආනන්දය හිරු සදු දිසා ආලෝකවත් කරමින් යම්තාක් පරිභ්‍රමණය වන්නේද එය සහස්සධා ලෝක ධාතුවයි) තවද සහස්සි නම් ලෝක ධාතුවේ හිරු සහසක් සදු දහසක් ආදි වශයෙන් එහි ස්වරූපය දක්වා ඇත.

නමුත් නවින විද්‍යාඥයින්ට තවම හැකිවී ඇත්තේ ඉන් ග්‍රහලෝක කිහිපයක් පමණක් සොයා ගැනිමටයි. නවීන විද්‍යාවේ දියුණුව නිසා එක් පැත්තකින් හිරු සඳු තරණය කරද්දි තවත් පැත්තකින් හිරු සදු තරණය කරද්දී තවත් පැත්තකින් වෛරය ක්‍රෝධය පළිගැනිම හා මිනිස් සංහතියේ විනාශයට හේතුවන බෝමිබ තුවක්කු ආදී අවි ආයුධ ද දියුණුවෙමින් පවති. අධ්‍යාපනය ආහාරපාන ඇදුමි පැළදුමි ගමන් බිමන් ආදිය පවා අද කෘතිම තත්වයට පත්ව තිබේ. අව්, වැසි, ගංගා, ඇළ දොළ වනාන්තර ආදී සොබා දහමේ අසිරියද විනාශ වෙමින් පවතී.නුදුරු අනාගතයේ මේවා නිසා මිනිසාට විදිමට සිදුවන දුර්විපාක වැළැක්විය නොහැකි බව අද විද්‍යාඥයෝම පිළිගනිති.ඇට්ලාන්ටික් සාගරය විනාශ කිරීමෙන් හා ඕසොන් ස්ථරය විනාශ වීමෙන් මුඵ මහත් විශ්වයටම සිදුවන හානිය සුඵ පටු නොවේ. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාය දිනෙන් දින ඉහළ යාම නිසා තරුණ ජීවිත අද උමතු ජීවිත බවට පත්ව ඇත. මිනිසා එදා ගත සිත වෙහෙස කළ ක්‍රියා අද රොබො යන්ත්‍රයට භාර දීමෙන් මිනිසා කිසිදු හැකියාවකින් තොර නිකමුන් බවට පත්වී තිබේ.

නවීන විද්‍යාවේ හාස්කම් ලෙසින් නිපදවා ඇති ශිතකරණ පරිගණක රේඩියෝ රූපවාහිනී විදුලි පංකා මගින් පිටවන වායුව හා කිරණ මිනිසාටත් වායුගෝලයටත් අහිතකර ප්‍රතිඵල ගෙන දී ඇති බව අද විද්‍යාඥයෝ පිළිගනිති. පෙර නොවු පිළිකා ලෙඩ රෝග හා අබාධ වලට හේතුව ද නවීන විද්‍යාත්මක විපර්යාශයන්හි අනිටු විපාක විය හැකිය. මෙලෙස මිනිසා අසීමිත ලෙස භෞතිකත්වයට නැඹුරු වීමෙන් සිදුවනුයේ අනාගතයේ විෂ වායුවෙන් පිරි ලොවක කොන්ක්‍රීට් ගොඩවල් වලින් යුතු පරිසරයක් දුක්ඛිත ජිවිත ගතකිරිම නොවේද ? පෙර දැහැමින් සෙමෙන් රට පාලනය කළ චක්‍රවර්ති රජවරුන්ගේ පාලන සමයේදි මිනිසා යුද බියෙන් හා ලෙඩ රෝග වලින් තොරව මානව දයාවෙන් යුතුව දැහැමි ජිවිත ගත කළ අයුරු වංශ කථා වලින් පැහැදිලි වේ.

බුදු දහමට අනුව නවීන විද්‍යාව යනු පර්යේෂණාගාර තුළ දි අවිද්‍යාවෙන් යුතුව කරන අවද්‍යාත්මක හැදෑරීමකි.ඉන් තණ්හාව ආශාව හට ගෙන තව තවත් ජාති ජරා මරණ දුක්ම රැස් කරයි.බුදු දහම පුද්ගලයාගේ අවිදයාව දුරුකරණ විදයාව හෙවත් නුවණැස පාදන උතුමි දහමකි.මෙලොව සුව මෙන්ම ‍ සුවද ඒ තුළ පවති. එය කිසිසෙත් තණ්හාවෙන් හැ අවිදයාවෙන් යුතු නවින විද්‍යාව හා නොසැසදේ. මේ අනුව අනාථව අසරණව මොහයේ ගිලුණු විද්‍යාව අදහන්නන් කෙදිනක හෝ බුදු සමයෙන් මානව දයාව කරුණාව ඉල්ලා හඩ වැටෙනු ඇත.
විතාරන්දෙණිය වජිරවංශ හිමි

මරණය කෙබදුද?

ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි

මරණයේ අත්දැකීම

උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්ව ඇත .

තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි


එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි


*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
*කන් ඇසීම නැතිව යාම
*ඇස නොපෙනී යාම
*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම

තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්‍රියන් මොට වීම ක්‍රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්‍රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ

උපුටා ගැනීම
ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි

අනේ පව් ! සිරසට ගිය කල !!!!!

අන් මාධ්‍ය ආයතනවලට වඩා ඉහළින් කැපී පෙනෙන්නට පැළඳ ගෙන සිටි වෙස් මුහුණ රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ගලවා දමා ඇත. සියලු සළුපිළි ගලවා වික්‍රමසිංහ මහතා විසින්ම නිරුවත් කර තිබේ. මාධ්‍යයේ අයිතිකරුවන් සේ පෙනී සිටින්නට මෙතෙක් දෙසූ කයිවාරු රනිල් වික්‍රමසිංහ විසින්ම බොරු කර තිබේ. මාධ්‍ය ඔස්තාර්ලා සේ පිම්බුණු ඔළුවක් ඇතැයි කීවත් මොළේ නැති බව රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම හෙළිදරව් කරනු ලැබ සිටී. මාධ්‍ය ලෝකයේ දැවැන්තයකු වන්නට ගැසූ කයිවාරු දැන් හමාරය. දැඟලූ දැඟලිලි අඩපණය. පිම්බුණු පිම්බිල්ල නිකම්ම නිකම් පුස්සක් වී තිබේ. පැරැණි පත පොත උදාහරණ සහිතව පෙන්වා දී ඇත්තේ කරන කලට පව් මිහිරි බවය. වතුර රත් වනතුරු කකුළුවා දියෙහි සෙල්ලම් දාන බවයි. ඇඟිල්ලේ තරමට ඉදිමිය යුතු බවයි. මේ සියලු කරුණු අස්සේ රටට අනාවරණය වී ඇත්තේ සිරස තිබුණාට මොළය නැති බවයි. මොළේ පෑදෙන්නට තවත් කාලාන්තරයක් සිටිය යුතු බවයි.

අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ


විසි වැනි සියවසේ අපට ආශ්‍රය කරන්නට ලැබුණ හා ආභාෂය ලබන්නට වාසනාව ලද අතිපූජනීන් මහතෙරපාදයන් අතරින් අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ, සුවිශේෂී කාරණා රාශියක්‌ නිසා මුළු මහත් ලාංකිකයන් මෙන්ම උන්වහන්සේගේ ඇසුර ලබන්නට භාග්‍යවත් වූ ලෝකයේ බොහෝ රටවල් බොහෝජනයා ද අගය කරන සුවිශේෂ චරිතයක්‌ වෙති. උන්වහන්සේගේ වාර්ෂික ගුණානුස්‌මරණය මෙම මසට යෙදෙන බැවින් ඒ සඳහා පාදක වන පූර්විකාවක යෙදෙන්නට මෙය හොඳම අවස්‌ථාවක්‌ ලෙස සැලකේ.

ශ්‍රී ලාංකික අපේ පැරැණි ශාසනික උරුමයෙන් අප ලද මහා සංඝ සම්ප්‍රදායන් දෙකක්‌ අප අතර තවමත් අවිච්චන්නව පවතී. ඒ ග්‍රන්ථ ධුරය හා විදර්ශනා ධුරයයි.

පොත්පත් කියවීම, ලිවීම, ඉගැන්වීම හා ඉගෙන ගැනීම ආදි ශාස්‌ත්‍රීය ක්‍රියාදාමයන්හි බහුලව යෙදීම ග්‍රන්ථ ධුරය ලෙසත්, ඒවායින් මිදී හුදෙක්‌ නිශ්ශරණධ්‍යාශීවීම හෙවත් ප්‍රතිපත්තමය ප්‍රතිපදාවෙහි නිරන්තරවම යුහුසුළුවීම විදර්ශනා ධූරය ලෙසත් සරලව අපි හඳුනා ගනිමු.

ආදි බුදුසමය හෙවත් බුදුසසුන ආරම්භක කාලයේදී වඩා වැදගත් ලෙස සැලකුණෙ විදසුන් වැඩීමයි. හෙවත් විදර්ශනා ධූරයෙහි නියෑලීමයි. මේ නිසා එම මුල් යුගය තුළ ශ්‍රද්ධාවෙන් සසුන් ගතවූ උපාසක උපාසිකාවෝ කවර සමාජ තලයකට අයත් වුවද මග ඵල ලබා නිවන් සුවයෙන් ම නිවී සැනසුනහ. ඒ නිසාම එකල එබඳු ලෙස රහතන්වූ භික්‍ෂු-භික්‍ෂුණීන්ගෙන් ශාසනය පිරී ඉතිරී පැවතිණි.

එහෙත් මෙම තත්ත්වය ක්‍රමයෙන් විවිධ සමාජ දේශපාලන හේතූන් නිසා ක්‍රමයෙන් අභාවයට පත්වීම බුදුරදුන් පිරිණිවන්පෑ සමය තුළින්ම ආරම්භ වෙමින් තිබිණි. භික්‍ෂුව ලාභ කීර්ති ප්‍රශංසා හමුවෙහි උකටළීවීම ආදී තවත් අනේක සම්බාධක ඉස්‌මතුවීම ප්‍රකටව පෙනුණ අතර, මේ සියල්ලටම වඩා භික්‍ෂුව විය යුතු වූ පරිදි අධ්‍යාත්මික ප්‍රගමනය වෙනුවට ශාස්‌ත්‍රීය නැඹුරුවකට කාලය හා සමාජ පරිසරය විසින් තල්ලුකරවා ලීම, ඉහත සඳහන් කළ ග්‍රන්ථ ධූරීය පරිහානිය වඩාත් බහුල කරන්නට හේතුව බවට නිගමනය කළ හැකි සිද්ධවාචක මෙම වකවානුව තුළ අපට බෙහෙවින් ප්‍රකට ලෙසටම පෙනෙන්නට තිබේ.

මෙසේ ගොඩනැඟුණ ශාස්‌ත්‍රීය පසුතලය අපේ අවසාන රහතන් වහන්සේගේ පහළවීම ඉක්‌මන් කළ බව ශාසන ඉතිහාසයේ සනිටුහන් කළ බව සපුරාම පැහැදිලිය. මිනිසා වඩාත් භෞතික කරණයට පත්වීමක්‌ තුළ මෙබඳු ප්‍රාසාංගික තත්ත්වයන් අනිවාර්යවීම නොවැළැක්‌විය හැක්‌කේමය. අද බුදුසමය තුළ දක්‌නට ඇති සියලුම ව්‍යසනයන්ට මෙම තත්ත්වය බෙහෙවින් හේතු කාරකවූ බව එයින් ඉදුරාම පැහැදිළිය.

මෙම ධූරයන් දෙකෙහිම අනලස්‌ව යෙදෙමින් තම කුශලතා පරිහරණය කළ මෑතකාලීන අප දන්නා මහා තෙරුන් වහන්සේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණෝය. උගතමනා සාම්ප්‍රදායික ආරාම අධ්‍යාපනය තම ගුරු ඇසුරින් ද, පොතපතින් ද ප්‍රගුණ කළ උන්වහන්සේ පෙරදිග පාලි සංස්‌කෘත ද සියලු භාෂා දැනුමෙන් ද පරිපූර්ණ වූ අතර අපරදිග ඉංගී්‍රසි ලතින් ආදී භාෂාවන් ද මැනවින් හදාළහ. ත්‍රිපිටක දහමෙහි හසළ බුද්ධිපරිපාටකයෙන් අග්‍රව බලන්ගොඩ මහනාහිමියෝ අපේ කාලයේ බෙහෙවින්ම බහුගෘත වූ පඬිවරයාණන් ලෙස ද උගත් බහුජන සම්මානයට ද පත්වූහ.

දහම පිළිබඳ ලබාගත් අග්‍රගණ්‍ය දැනුම ප්‍රායෝගික කර ගන්නට දැඩි සේ අදිටන් කළ මෙම ව්‍යක්‌ත තරුණ යතිවරයාණන් ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඉන්දියාවේ හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සෘෂිවරුන්, යෝගීන් ඇසුරු කරමින් ඔවුන් හා ජීවත්වෙමින් කාලපරිච්ඡේදයක්‌ ගත කළ ආකාරය උන්වහන්සේ පළ කරන්නේ ප්‍රථග්ජන මනස්‌ තුළ විශ්මය ඇති කරමිනි. මෙම භාවනායෝගී නිස්‌සරණගවේෂී කාල පරිච්ඡේදය උන්වහන්සේගේ ජීවිතයේ මහත් පරිවර්තනයක්‌ සිදු කළ අවදිය ලෙස උන්වහන්සේම ප්‍රකාශ කරන අයුරු අප අසා ඇත්තෙමි. විවිධ මාර්ගයේ විශ්මය දනවන අධ්‍යාත්මික යෝගී සමූහයක්‌ සමග උන්වහන්සේ ලද පරිචය හා අද්දැකීම ලබාගත් ශ්‍රී ලාංකික වෙනත් භික්‍ෂූවරයෙක්‌ අප නම් අසා නැත. මෙම උද්වේගකර නව දැනුම හා අද්දැකීම ලබමින් අප මහනාහිමියෝ ලෞකික තත්ත්වයන් අභිබවමින් ලෝකෝත්ර තලයක ධර්මානුකූලව අද්දැකීම සිය මනසින් ග්‍රහණය කරගැනීමට තරම් මානසික දියුණු උසස්‌ තලයකට පත් වන්නට සිය උත්සාහය ප්‍රතිඵලදායක වූ බව උන්වහන්සේම අප සමග පැවසූහ.

දේශපාලනය, සමාජ සේවය ප්‍රමුඛලා සලකමින් තම සැබෑ භික්‍ෂු කාර්යභාරය අමතක කරමින් සංසාරික අන්ධකාර ගමන්මගක දැන හෝ නොදැන යන වර්තමාන භික්‍ෂු සමාජයට බළන්ගොඩ මහනාහිමියෝ සැබවින්ම මහ පහන් ටැඹකි. මහන්තත්ත්වය, ලාභ කීර්ති විජිගීෂාව, ප්‍රෙෘඪත්වය ආභරණ සේ සලකමින්, අසම්මානයම දියුණු කරගන්නට නිරන්තරම දිවා රාත්‍රි වෙහෙස වන අපි ඇතැම් යතිවරුන්ට ආනන්ද මෛත්‍රෙ චරිතාපදානය හරිමඟ කුමක්‌දැයි පහදා දෙනු ලබන මහා ආදර්ශ ක්‍රියාමාර්ගයකි.

මේ ශේ්‍රෂ්ඨ උතුමාණන්ගේ වාර්ෂික ගුණසමරුව වෙනුන්, උන්වහන්සේගේ සමීපතම ශිෂ්‍යවරයා වූ බඹරකොටුවේ ආනන්ද මංගල හිමියන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ආනන්ද මෛත්‍රෙය පදනම සංවිධානය කරන උත්සවය විවිධ වැඩසටහන් රාශියකින් යුක්‌ත වේ. එය මෙම අගෝස්‌තු 24 වැනිදා පැවැත්වේ. පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා විසිනි.

http://www.divaina.com/2011/08/20/feature01.html
ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා ජාත්‍යණ්‌තර බෞද්ධ මහා විහාරයේ
ආචාර්ය තවමල ධම්මික නාහිමි