බුදු දහම යනු කුමක්ද?

බුද්ධාගම නැතහොත් බුද්ධ යන වචනය “බුධි” යන වචනයෙන් බිදී ආවකි. එහි තේරුම අවධිව සිටීම යනුයි. එබැවින් බුදුදහම යනු අවධිව සිටීමේ නැතහොත් සිහියෙන් යුක්තව කල් ගෙවීමේ දර්ශනයයි. සිද්ධාර්ථ ගෞතම හෙවත් බුදුන්වහන්සේ විසින් එතුමාට වයස අවුරුදු 35ක් පිරීමේදී අවබෝධකරගත් දහම බුදුදහමයි. වසර 2500 කට වඩා පැරණි බුදුදහම ලොව පුරා මිලියන තුන්සියයකට අධික අනුගාම්කයෝ පිරිසක් අදහති. වසර සියයකට පමණ පෙර නමි ආසියානු රටවල් කිහිපයකට බුදුදහම සීමා වී පැවතුනද ඉන් පසුව යුරෝපීය රටවලත්, ඇමරිකාවේත් බුද්ධ ධර්මය වේගයෙන් පැතිර යමින් පවතී.

11 comments on “බුදු දහම යනු කුමක්ද?

  1. බුදුන් වහන්සේ දඹදිව් තලයෙන් එහාට නොගියේ ඇයි?
    එකල බටහිර ලෝකයේ ද බුද්ධිමතුන් බිහිවී සිටියහ….
    උන්වහන්සේ දේව ලෝක යැයි හදුන්වන ලෝක වලට ගිය බව මිසක් බටහිර ලෝකයතුල ධර්මය ප්‍රචාරනය කිරිමට නොගියේ ඇයි…?

  2. බෑ…. එහෙම හිතන්න බෑ……..

    බුදුන්වහන්සේ “බුදු දහම අවබෝධ කරගත හැකි පිරිසක් වෙත පමණක්” ධර්මය දේශනා කල බව නම් මම පිලිගන්නේ නෑ…….
    උන්වහන්සේ ධර්මය දේශනා කලේ ඉන් යහපතක් වෙන අවස්ථා ඇති නම් පමණි….(උන් වහන්සේ ධර්මය දේශනා කිරීමට පෙර සලකා බැලූ කරුණු කිහිපයක් විය…)

    anyway..
    අපි මේක ගැන direct කතා කරමු….
    එකල ග්‍රීක රෝම ශිෂ්ඨාචාර වල සිටි බුද්ධිමතුන්ව බුදුන් වහන්සේට නොපෙනුනාද?
    මම දන්න විදියට බුදුන් වහන්සේ වැඩමවාලු වැඩිම දුර ,ලංකාවට වැඩමවාලු අවස්තාව විය…..
    ඔබ මොකද මේ ගැන සිතන්නේ….
    ඔබ අකමැතිනම් අපි මේ කතාව මෙතනින් නතර කරමු…..
    (ශ්‍රද්ධාවට හානියක් වෙනවාට මම කොහෙත්ම කැමති නැත….)

    • බුදුන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ ක්‍රියා කරනු ලබූයේ සංඛ්‍යාත්මකව පුද්ගල සංඛ්‍යාව වැඩිකරගෙන තමන්ගේ දහමම ජනපි‍්‍රය දහම කර ගැනීමේ පරමාර්ථය ඇතිව නොවීය.
      බුදුරජාණන් වහන්සේ මුලු ලෝකයටම මෙන්ම දේව ලෝක වලද ධර්ම පුචාරණය සදහා විශිෂ්ට සංඝ පරපුරක් ඇති කලා මෙන්ම උන් වහන්සේ ගේ හතළිස් පස් වසරක අප්‍රමාණ සේවාවකින් පසු අසු වැනි වියෙහිදී පිරිනිවන් පෑමට සූදානම්ව පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු උන්වහන්සේ තමාගෙන් පසු තමන් වෙනුවට පුද්ගල අනුප්‍රාප්තිකයකු නම් කිරීම ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට තමන් දෙසූ ධර්මය ම සිය මාර්ගෝපදේශකයා ලෙස තබාගත යුතුයැයි භික්ෂූන්ට අනුශාසනා කළ සේක.
      “මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙන්න. එක් මඟකින් දෙදෙනෙක් නොයන්න. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත වූ, යහපත්කම ගෙන දෙන බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න……..(මහාවග්ග පාලි 1.42 පිට බු.ජ.මු)

      මා ‍බෞද්ධයෙක් උවත් ඉතා ගැබූරු බුදුදහමෙන් මා දන්නේ සොච්චමකි. ඒ පිළිබදව මා කණගාටු වන අතර ඹබගේ ගැටලුව පිළිබදව තව දුරටත් ‍සොයා බලා ඉදිරියේ දී මේ පිළිබදව වෙනම ලිපියක් පළ කිරීමට බලා පොරොත්තු වෙමි.

  3. චාරිකාවේ හැසිරෙන්න යැයි බුදුන් වහන්සේ දේශනා කල බව අසා ඇත්තෙමු…..
    උන් වහන්සේද එලෙස සිදු කල බව විශ්වාස කරමි….

    තම ධර්මය ප්‍රචාරණය කිරීම සැම ශාස්තෘවරයෙක්ම සිදුකරන දෙයක් බැවින් ඒ පිලිබද කිසිදු ප්‍රශ්නයක් නොමැත….

    එකල සුනාපරන්ත දේශයට ගිය ස්වාමින්වහන්සේ ගැන අසා ඇත්තෙමි….එය දැන් “මැද පෙර දිග” ට වූ ව්‍යවහාරයක් යැයිද අසා ඇත්තෙමි…
    නමුත් බුදුන් වහන්සේ පිහිට වූ අන් දුරස්ථ දේශයක වූ කෙනෙකු පිලිබද මගේ දැනුමේ නොමැත…

    ඔබ එය සොයා බලා ලිපියක් පල කරයි නම් එය ඉතා අගනේය…
    මම ඔබගේ එම ලිපිය බලාපොරොත්තුවෙන් සිටිමි….කවර නිසාද යත්,මෙමෙ blog ය තුල ඒවැනි බුදුදහම සම්බන්ධ වැදගත් ලිපි තිබූ නිසාවෙනි…….

  4. ලොව අන් කිසි භාෂාවකින් බුදුන් අවබෝධ කරගත් ධර්මය ප්‍රකාශ කල නොහැක, සියලු බුදුන් ගේ ධර්මය ප්‍රකාශ වන්නේ මාගන්ධි හෙවත් අද කල අප පවසන පාලි භාෂාවෙන් ලු.. එක හරි වෙන්න පුළුවන්, මොකද පාලි එක වචනයක් ඇතුලේ තේරුම් දහස් ගානක් තියෙනවා අපිට කඩලා කඩලා අරගෙන දීර්ඝ විස්තරයක් නිර්මානය කරගන්න පුළුවන් ඒක හින්ද, එම නිසා තමා අටුවා මේ භාෂාව තේරෙන මිනිස්සුන්ට තමා පින වැඩි, practically පුළුවන් නම් එක වචනයක් සුද්දේකට තේරුම් කරන්න බලන්න english වලින්.. අපිට පිටු ගානක් ලියන්න වෙනවා, කවදාහරි මේක ලෝකයේ මිනිසුන් තේරුම් ගනී, අන් කිසි භාෂාවකට වැඩ පාලි භාෂාවෙහි තමා ලොව දියුණුම ශබ්ද විද්‍යාව පවතින්නේ..

    මේ ධර්මය අවභෝධ කරගන්න ඕනෙම නිදහස් මනසක් තියෙන මනුෂ්‍යයෙක් ට පුළුවන් උනාට, එහෙම නිරවුල් මනසක් ලැබෙන්න ගොඩක් සාධක බලපානවා,

    අපි ජීවත් වෙන දේශ වල විතරයි මුළු අවුරුද්ද මුළුල්ලේම බාධාවක් නැතුව එකම ස්වභාවික පරිසරයක් තියෙන්නේ.. එකෙන් අපිට සත්ව ඝාතන අඩු කරගන්න පුළුවන් ආහාරය සඳහා, අනික මානසික වර්ධනයට උපකාරිවෙන, රුක්ඛ මුල, අරණ්‍ය මේ සියලුම දේ තිබෙනවා, වෙන අන් කිසි රටක මෙහෙම enviorenment එකක් නැහැ.

    අපේ ජාතියේ ලෝකේ කිසි ජාතියකට සම නොවෙන මිත්‍රශීලී බවක් තියෙනවා, ඒක Europe / පවුකාර අරබිකරයට ගියාම හොදටම තේරෙනවා මිනිස්සුන්ද රෝබෝවරුද ඉන්නේ කියල..
    මීට අමතරව ගොඩක් සාධක තියෙනවා, පස්සේ කතා කරමු, අහම්බෙන් මේ සිතේ එකට ආවේ, මම හොයාගත් කියවපු දේවල් ටිකක් තමා type කලේ

  5. සමා වෙන්න…. ගොඩාක් කාලෙකට පස්සේ…
    ඉතින් Dilantha ඔයා මේක ගැන අහල තියනවද??
    මාත් අහල තියනවා..but ඊට වඩා මට ඒක දැනිලා තියනවා… හැබැයි මම දන්නෙනෑ හරියටම හරිද කියල…
    ඕනම් භාෂාවක් ලොව සියලුම දේවල් ප්‍රකාශ කරන්න තරම් දියුණු නෑ කියනවනේ…
    මම හිතනවා සමහර විට එක හරි ඇති..
    ඒත් යාලුවේ එක ඒ භාෂාවේ වැ‍රැද්ද නෙවෙයි නේද? එක භාවිතා කරන පුද්ගල ජන සමාජයේ වැ‍රැද්ද කියලයි මම හිතන්නේ…
    ඉතින්.. ඒ අනුව කල්පනා කරලා බලන්නකෝ භාෂාවකින් කොහොමද තවත් භාෂාවකට පහසුවෙන් වචන යොමු කරන්නේ…
    මම හිත්න්නැ පාලි භාෂාව ඒකෙන් අපගමනය වෙලා කියලා..
    අපි ලොකේ තියන හැම භාෂාවක්ම දන්නේ නැති බවත් අමතක කරන්න එපා යාළුවේ..

    ඒ විතරක් නෙවේ…ඔයා කියපු environment 1 අනිත් රටවලත් තියනව..
    ධර්ම මාර්ගය පුහුණු කරන කෙනාට අනුව පරිසරයට ගැලපෙන්න වෙනවා..
    ඉන්දියාව හෝ ලංකාවට විතරක් ඔය කරුනු අදාල නැ..

    යාලුවේ ගැටලු වලට පිලිතුරු නෑ කියන එකේ අදහස් 2 ක් ගැබ්වෙලා තියෙන්න පුලුවන්…
    එකක්.. ඒවාට පිලිතුරු නැ..
    අනික.. ඒවා අපගේ බුද්ධි මට්ටමෙන් එහා…

    මම පිලිගන්නේ 2 එක..

  6. දැණුම කියන්නේ සොයා ගන්නා දෙයක් නොව නිර්මානය කනන්නකි. උදාහරනයකට ගුරැත්වා කර්ෂනය යනු නිවුටන් විසින් සොයා ගනු ලැබූවක් නොව පොල්/ඇපල් පොලවට වැටීට තේරැම් කර දීමට නිවුටන් විසින් නිර්මානය කරන ලද සංකල්පයකි/දැනුමකි. අපි නිර්මානය කරන දැනුම සමාජයට, සංස්ක්රතියට, මනසට, වැනි දේ වලට සාපේෂ වෙන්වා. අපි දැණූම නිර්මානය කරන්නේ අනිත්‍ය දුක්‍ය අනාත්ම අනවබොදය නිසා. සරලව කිවුවොත් අවිද්‍යාව නිසා. නිවන් අවබොදය යනු අනිත්‍ය දුක්‍ය අනාත්ම අවබොද කර ගැනීමයි. අනිත්‍ය දුක්‍ය අනාත්ම අවබොද කර ගත් පසු තව දුරටත් ඔහු දැනුම නිර්මානය නොකරයි. ඔබට ඒවැනි කෙනෙක් ගැන හිතා ගන්න පුලුවන්ද? කිසිම දෙයකට ආශාවක් නැති පවතින දෙවල් ගැන සංකල්පීය නොවන අවබොධයක් ඇති කෙනෙක් ? එවැන්නෙක් තමා අවබොධ කරගත් දේ ප්රකාශ කරකර යාවිද? වැදගත්ම දේ ඔහු අවබොධ කරගත් දේ තව කෙනෙකුට අවබොධ කරවිය හැකිද? එය අවබොධ කිරිමට අවශ්‍ය සාදක සැපයීම විනා වෙන කුමක් කරනන්ද? එයත් අවශ්‍ය කෙනෙකුට විනා අවශ්‍ය අනවශ්‍ය හැම දෙනාටම කල යුත්තේ කිනම් සාදක(ය) මතද?
    බුදු දහම කියන්නේ බුද්ධියෙන් තේරැම් ගන්න පුලුවන් දෙයන් නෙමෙයි බුදු දහම භාරතයේ බිහි උනේ ඊට අවශ්‍ය සාදක එහි ඇතිව තිබුණු නිසයි. (පස්මහා බැලුම් බලපු කතාවේ අදාලත්වයක් මෙතනට තියෙනවා)

    ප්‍රශ්න කරන්නා ට් පොඩි උත්තරයක් දෙන්නම්

    එවකට භාරතයේ සංකල්ප බිහිවූයේ චතුස්කොටික න්‍යායක (logic) නමුත් යුරොපයේ එවකට තිබුනේ ඇරිස්ටොටලීය ද්විකොටික න්‍යායයි. බුදු දහම හා බවුද්ධ සංකල්ප අදටත් බටහිරයන්ට තේරැම් ගත නොහැක්කේ මේ හෙතුව නිසායි. එසේනම් එකල ගැන කවර කතාද?

  7. Budu hamuduruwna giya gamn Hoyanawata wada unwahanse deshana karapu dahama prayogikwa awaboda karaganima thama watinne.jiwth wennath miya yannath sanasren ethera wannath e desapu daham watinawa. Dahama thiyenne thamange sitha thula .me hitha gana gaburin balanna.silaya thiyenne kaya thula eka rakinna. Sitha gana dangaththama kaya sanwara unamai sila samadi prgha wadenne

  8. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලය බටහිර රටවල් වල ජනගහනය පිළිබඳව සලකා බලන්න වෙනවා තවදුරටත් කියනවනම් බුදුන්වහන්සේ ge sri සද්ධර්ම ya අහන්න පිනක් තියෙන්න ඕනෑ

ප්‍රශ්න කරන්නා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න