
ගාථාව
අප්පකා තේ මනුස්සේසූ,
යේ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා,
තීරමේවානුධාවතී
සිංහල තේරුම
යමි ජනතාවක්
(සසර සයුර තරණය කොට )
පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.
සෙසු සියලු ජනතාවෝ නැවත
මෙතෙර බලා පැමිණෙත්.

ගාථාව
දීඝා ජාගරතෝ රත්තී,
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ,
සද්ධම්ම අවිජානතං
සිංහල තේරුම
නිදිවරන්නාට රැය දිග ය.
ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.
සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ මෝඩයා හට සසර දිග ය.

ගාථාව
චරං චේ නාධිගච්ජෙය්‍ය,
සෙය්‍යං සදිසමත්තනො
ඒකචරියං දළ්හං කයිරා,
නත්ථි බාලේ සහායතා
සිංහල තේරුම
තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස්
හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින්
නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.
සහායට බාලයෙකු නො ගත යුතු ය.

ගාථාව
පුත්තාමත්ථි ධනමිමත්ථී,
ඉති බාලෝ විඤ්ඤති
අත්තා හි අත්තනො නත්ථී,
කුතෝ පුත්තා කුතෝ ධනං
සිංහල තේරුම
“මාගේ පුත්තු ඇත, මාගේ ධනය ඇත “
යැයි මෙසේ මෝඩයා ඒ පිළිබදව ම වෙහෙසයි.
තමා වත් තමාට නැති කල (තම පිහිටට )
පුත්තු කොයින්ද ? ධනය කොයින්ද ?


















great job keep going
සැමට ..පිං අඉති…වෙවා!!!!!!!!!!!!
ඔබට නිවන් දැකීමේ වාසනාව ලැබේවා…!
thanks.
තෙරුවන් සරණයි
ඔෙබ් ජීවිතය සැමදා සතුටින් පිෙර්වා.
ෙහාද ප්රමත්නයක්